Edge Nutrition යළිත් මෙරට වෙළෙඳපොළට MUSCLE EDGE හඳුන්වාදෙයි

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පෝෂණ ආහාර අතිරේක සම්පාදනයේ ප්‍රමුඛයෙකුවන Edge Nutrition සමාගම, උසස් තත්ත්වයේ වේ ප්‍රෝටීන් ආහාර අතිරේකයක් (Whey Protein Supplement) වන MUSCLE EDGE පසුගියදා මෙරට වෙළෙඳපොළට නැවත හඳුන්වාදුනි. ඒ  සියලු දෙනාටම මිළදීගත හැකි පහසු මිළක් යටතේ වීම ද විශේෂත්වයකි. 

″ප්‍රෝටීන හිඟතාවය තමයි, අපේ ආහාරවේල තුළ තිබෙන පෝෂණ ඌනතාවට ප්‍රධානම හේතුව. දරුවන්ගේ ශාරීරික වර්ධනය සහ ඔවුන්ගේ ජානමය වර්ධනයට ඇති අවස්ථාව අහිමිවීම මෙන්ම, දශක ගණනාවක් පුරා  ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා හීන වීමටත් මෙම ප්‍රෝටීන ඌනතාවට බලපා තිබෙනවා″, යනුවෙන් Edge Nutrition හි කළමනාකාර අධ්‍යක්ෂ සහ Power World Gyms නිර්මාතෘ ටලවෝව් අලයිලීමා ප්‍රකාශ කළේය.

ඉහළම ආහාර ජීර්ණ ධාරිතාවක් සමඟින් ශරීරියට ප්‍රෝටීන් ලබාගත හැකි හොඳම ප්‍රභවය ලෙස සනාථ වී ඇති වේ ප්‍රෝටීන් යනු MUSCLE EDGE හි ප්‍රධානතම ආහාර අමුද්‍රව්‍ය  වේ. එබැවින්එක් MUSCLE EDGEපිරිනැමීමකදී සියයට 70කට වැඩි, වේ ප්‍රෝටීන් ප්‍රමාණයක් සිරුරට ලබාගත හැකිවේ.

MUSCLE EDGE හි අඩංගු ප්‍රෝටීන් මගින් මාංශ පේශී වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් සිරුරට හිමිවන අතරම, ප්‍රතිශක්තීකරණ පද්ධතියට සහාය වෙමින්, සෛල මගින් ඇතිකරන ප්‍රතිචාර ද ඉහළ නංවයි. බර එසවීම හා බැඳුණු ක්‍රියාකාරකම්වල නිරතව සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ශක්තිය නංවාලීමට සහ මාංශ පේශී වර්ධනයට MUSCLE EDGE උපකාරීවන අතරම, ක්‍රීඩා සහ කායවර්ධන පුහුණු ක්ෂේත්‍රයේ නියුතු අයට ද එය බෙහෙවින් වැදගත් වේ. නිසි ව්‍යායාම ලබාගන්නා අතරතුර MUSCLE EDGE ලබාගැනීමෙන් මාංශ පේශී වර්ධනය වේ.

″ශූරයින් බිහිකිරීම වෙනුවෙන්ම නිෂ්පාදනය කරන MUSCLE EDGE හි සෑම පිරිනැමීමක්ම ඉතා ප්‍රබලයි.ලොව කිසිදු වේ ප්‍රෝටීන් වර්ගයකට නොදෙවෙනි වන ලෙස MUSCLE EDGE නිෂ්පාදනය කෙරෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ යි. බොහෝ දෙනාට වේ ප්‍රෝටීන් අතිරේකයක් මිළදී ගැනීමට අපහසු මෙම කාලයේ, දැරිය හැකි මිළක්  යටතේ මෙම ලොව පිළිගත් වේ ප්‍රෝටීන් නිෂ්පාදනය නැවත එළිදක්වමින්, කැපවීමෙන් ක්‍රියාකරන අපගේ ක්‍රීඩකයින්ටත්, නිරෝගීමත් ජීවන රටාවක් වෙනුවෙන් මහන්සිවන සියලු දෙනාටත් ප්‍රතිලාභ අත්කරදීමට අපි තීරණය කළා″, යනුවෙන් ටලවෝව් අලයිලීමා වැඩිදුරටත් පැවසුවේය.

ඔබට www.edgenutrition.life යන වෙබ් අඩවිය හරහා Muscle Edge නිෂ්පාදන මිළදී ගත හැක. Edge Nutrition යනු මෙරට ක්‍රීඩා සහ කායවර්ධන ක්ෂේත්‍රයේ පෝෂණ ආහාර අතිරේක නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය සංගමයේද අනුමැතිය එම සමාගම සතු ය. MUSCLE EDGE නිෂ්පාදනය යළි එළිදැක්වීමත් සමඟ උසස් තත්ත්වයේ නිෂ්පාදන දැරිය හැකි මුදලකට ලබාගැනීමේ හැකියාව තරුණ වෘත්තිකයින්ට හිමිවේ. වර්ෂ 1994දී Power World Gyms ආරම්භ කිරීමේදී ද ටලවෝව් අලයිලීමාගේ අභිලාසය වූයේ එයම ය.

Views: 104