BCI Campus සිය ‘Christ the King (CRK)’ සත්මහල් ගොඩනැගිල්ල විවෘත කරයි

උසස් අධ්‍යාපනය සඳහා නව අරුතක් එක් කරමින් BCI Campus විසින් නවීන පහසුකම් සහිතව ඉදිකරනු ලැබූ සිය ‘Christ the King (CRK)’ සත්මහල් ගොඩනැගිල්ල මීගමුවේදී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාව BCI Campus පැමිණි අභිමානවත් ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ද විය.

මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ Benedict XVI ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතනය ලෙසින්ද පිළිගැනීමට පාත්‍ර වී ඇති BCI Campus හි, මෙම නවීන පහසුකම් සහිත ගොඩනැගිල්ල ආසිරි ගැන්වීමේ මෙහෙය සිදු කරනු ලැබුවේ, කොළඹ අගරදගුරු හා BCI හි නිර්මාතෘවරයා වන අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නියෝජනය කරමින් පැමිණි කොළඹ සහායක රදගුරු අති උතුම් ආචාර්ය ජේ. ඩී ඇන්තනී හිමිපාණන් විසිනි.

නව CRK ගොඩනැගිල්ල නවීනතම ඩිජිටල් තාක්ෂණයෙන් සැදුම්ලත් පරිසර හිතකාමී වටපිටාවක් සහිත සංකීර්ණයකි. මහල් හතකින් යුත් නවීන අධ්‍යයන පහසුකම් වලින් සමන්විත මෙම නව ගොඩනැගිල්ල තුළ දේශන ශාලා 16කින් සහ සිසුන් 940 දෙනෙකු සඳහා වෙන් වූ ඉඩ පහසුකම්, ආසන 316කින් සමන්විත සාකච්ඡා කාමර 08ක්, ආසන 250කින් යුත් කුඩා ශ්‍රවණාගාරයක් සහ ආසන 45කින් සමන්විත සම්මන්ත්‍රණ ශාලා ඇතුළත් වේ. තවද එහි අධ්‍යයන පරිපාලන කටයුතු සඳහා වෙන් වූ වර්ග අඩි 8592 ක ප්‍රමාණයේ කාර්යාල පරිශ්‍රයකින් ද සමන්විත වේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉතාලියෙහි Calzedonia Group හි සභාපති ආචාර්ය සැන්ඩ්‍රෝ වෙරෝනෙසි, සහ ඔහුගේ නියෝජිත පිරිස, ඉතාලියේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ ජාතික සම්බන්ධීකාරක ගරු නෙවිල්ජෝ පෙරේරා පියතුමන්, කොළඹ අගරදගුරු පදවි හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක, ගරු අයිවන් පෙරේරා පියතුමා සහ වත්මන් අධ්‍යක්ෂ, ගරු ගැමුණු ඩයස් පියතුමා, පූජකවරුන්, පැවිද්දන්, BCI හි පාලක සභාවේ සහ අධ්‍යයන සෙනෙට් සභා සාමාජිකයින්, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය, ශ්‍රී ලංකා ආයෝජක මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මුදලිගේ, එම ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, BCI හි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ BCI හි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

Views: 87