Silk Route Ventures මෙරට සූපවේද ව්‍යවසායකයින් වෙනුවෙන් අංග සම්පූර්ණ ආහාර නිෂ්පාදනාගාරයක් අරඹයි

මෙරට කෘෂි, ආහාරපාන සහ පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Silk Route Ventures සමාගම සූපවේද ව්‍යවසායකයින් සහ ඇල්මක් දක්වන්නන්ට සිය නිර්මාණශීලී සූපවේදී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නව ආහාර නිෂ්පාදනාගාරයක් පසුගියදා ආරම්භ කළේය.

plug-and-play ප්‍රවේශයක් ලෙස ස්ථාපිත කෙරුණු මෙම නිෂ්පාදනාගාරය මගින් කැමැති ඕනෑම අයෙකුට ප්‍රාග්ධන අවශ්‍යතාවකින් තොරව තම ආහාරපාන සන්නාමයක් බිහිකරගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

ජාත්‍යන්තර මට්ටමේ වාණිජ මුළුතැන්ගෙයකින් සමන්විත මෙම ආහාර නිෂ්පාදනාගාරය මාතලේ හපුගස්යායේ පිහිටි Silk AgTech Park හි පිහිටා ඇත. ඒ තුළ, ආහාර සේදීම, පොතු ඉවත් කිරීම, කැපීම, ඇඹරීම, මිශ්‍ර කිරීම, පිරවුම් කිරීම, තාප පිරියම් මලු (retorting), ඉසිරුම් වියළනය (spray drying), ඇසුරුම්කරණය ඇතුළු බොහෝ පහසුකම් අන්තර්ගත වේ.

එහි නම්‍යශීලී නිෂ්පාදන ධාරිතාව නිසා අවම ඇණවුම් ප්‍රමාණයකින් නිෂ්පාදන ආරම්භ කිරීමටත්, අනතුරුව සන්නාමයේ සහ නිෂ්පාදනයේ වර්ධනයත් සමඟ ඇණවුම් වැඩි කිරීමේ හැකියාවත් පවතියි. තවත් විශේෂත්වයක් වන්නේ, ආහාර සම්බන්ධව පුළුල් පරීක්ෂණ සිදුකරන පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායමක සේවය ද මෙම නිෂ්පාදනාගාරය මගින් ලබාගැනීමට හැකිවීම ය. 

කර්මාන්තශාලාවේ තවත් විශේෂත්වයක් වන්නේ, GMP, HACCP, ISO 22000, FSSC22000, USDA Organic සහ EU Organic වැනි ජාත්‍යන්තර සහතික රැසක් හිමිකරගෙන තිබීමයි. ගුණාත්මකභාවය, තිරසාරභාවය සහ පරිසර සංරක්ෂණය සම්බන්ධ කර්මාන්ත ආහාර යහපත් භාවිතාවන් ආදිය වෙනුවෙන් මෙම ජාත්‍යන්තර සහතික හිමිව තිබේ.

ඉකුත් වසරේ මැද භාගයේදී ආරම්භ කෙරුණු මෙම කර්මාන්තශාලාව මගින් එළිදැක්වුණු /සෞඛ්‍ය සම්පන්න නිර්මාංශික සහ සුවිශේෂී වීගන් පැටී (vegan patty) ඇතුළු ශාකමය නිෂ්පාදන මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගනිමින් සිටියි. ඒ හරහා රටට විදේශ විනිමය උත්පාදනය කිරීමට මෙන්ම දේශීය ගොවි ප්‍රජාවට ජීවනෝපාය සැලසීමට ද හැකිවී තිබේ. තව ද,ගොවි ප්‍රජාවට පුහුණු අවස්ථා මගින් විද්‍යාත්මක දැනුම බෙදාදීමටත්, Fairtrade ප්‍රතිපත්ති අනුගමනය කිරීමටත් කටයුතු කෙරේ. ශ්‍රී ලංකාව තුළ ඕට් පවුඩර් සහ සහල් කිරි නිෂ්පාදනය කරනු ලබන එකම කර්මාන්තශාලාව වන්නේ ද එයයි.

2014 වසරේදී ආරම්භ කෙරුණු Silk Route Ventures යනුරටවල් 15කට වැඩි සංඛ්‍යාවක නගර 140ක් පුරා විහිදුණු සමාගමකි. පහසුකම් සම්පාදනය, OBM ඇතුළු නිෂ්පාදන කටයුතු, ඇසුරුම්කරණය සහ නාවුක, ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ලේබල්කරණය ඇතුළු සේවා රැසක් සපයයි.

රටවල් 40කට වැඩි සංඛ්‍යාවකට නිෂ්පාදන සහ සේවා අපනයනය කරන Silk Route Ventures සමාගම ඒ වෙනුවෙන් අඛණ්ඩව ජාතික මට්ටමේ ඇගයුමට පාත්‍ර වී තිබේ. කුළුබඩු, ඖෂධීය පැළෑටි, තේ, පොල්, ඉහළ පෝෂණයකින් යුතු ආහාර, නිර්මාංශික සහ ශාකමය ආහාර  සමාගමේ නිෂ්පාදන කළඹටඅයත් වේ. ඔබේ සූපවේදී අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කරගැනීමට +94 769185744, +94764410389 යන දුරකථන අංක හෝ b2b@esilkroute.com.lk ඔස්සේ වැඩිදුර තොරතුරු විමසන්න.

Views: 70