මෙල්ස්ටාකෝර්ප් වෙතින් කොටසකට රුපියල් 2.71 බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම (MELS.N0000) සිය කොටස් හිමිකරුවන්ට ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.71ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.
මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 19 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XDDate) ලෙස ජූනි 27 වැනිදා නම් කෙරී ඇත.
මෙම ලාභාශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.
කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන් වරට සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 56.60ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ පැවැති රුපියල් 56.30ට සාපේක්ෂව ශත 30ක් එනම් 0.53%ක ඉහළ යාමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 88