EDB Open day වැඩසටහනින් නව්‍ය ව්‍යවසායකයන් සවිබල ගැන්වෙයි
නව්‍ය ව්‍යවසායකයන් අපනයනය සඳහා දිරිමත් කිරීමේ අරමුණෙන්ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රථම වරට පැවැත්වූ “EDB Open Day”එක්දින වැඩසටහන සාර්ථක අන්දමින් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදීපැවැත්විණි.
මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් නව ව්‍යවසායකයන් දහසකට වැඩි සංඛාවක් සහභාගී වූ අතර අපනයන ක්ෂේත්‍රය සඳහා උනන්දුවන තරුණ තරුණියන්ගේ සහභාගීත්වයේ වර්ධනයක් දක්නට ලැබිණි.
මුලින්ම අපනයන ක්ෂේත්‍රයට යොමුවන පිරිස් සඳහා අවශ්‍ය මූලික දැනුම ලබාදීම මෙම වැඩසටහන මඟින් සිදුවූ අතර ඊට සමගාමීව එක් එක් ව්‍යවසායකයන්ට අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සමඟ (One-to-One Meetings) සාකච්ඡා කිරිමටද අවකාශය හිමිවිය.
මෙහිදී වැඩිදුරටත් අපනයන ක්‍රියා පටිපාටිය, කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන පිළිබඳ පැහැදිලි කිරීම්, නිෂ්පාදන වැඩිදියුණු කිරීම, වෙළඳපොළ හඳුනා ගැනීම, අපනයන සම්බන්ධතා වැනි සහභාගිවන්නන්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද විවිධ ක්‍රියාකාරකම් සහ සේවාවන්, අනාගත අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මාර්ගෝපදේශ සඳහා මගපෙන්වීම් මෙන් ම අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ලබාදෙන සියලුම සේවාවන් පිළිබඳ අදහස් ලබා ගැනීමට සහ අදාළ නිලධාරීන් එකම ස්ථානයක හමුවීම සඳහා අවකාශය ද “EDB Open Day” මගින් සැලසිණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහාපති සහ ප්‍රධාන විධායකආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.) මාලිනී බද්දේගමගේ මහත්මිය ප්‍රමුඛ අපනයන සංවර්ධන මණ්ඩලයේසියලුම නිලධාරීන් වැඩසටහනසඳහා සම්පත් දායකත්වය සැපයීය.

Hits: 71