පීපල්ස් ලීසිං සමාගම රු.බිලියන 4.9කට ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සීහි 33%ක් මිලදී ගනී
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිසිතුගත ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී (CFVF.N0000) සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 133,650,000ක් මිලදී ගැනීමට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (PLC.N0000) එකඟතාවකට පිවිසි බව පවසයි.
ඊයේ (08) වැනිදා මෙම මිලදී ගැනීම සිදුව තිබේ. මෙහිදී ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස්හි ප්‍රධානතම කොටස් හිමිකරුවා වන ජනශක්ති ලිමිටඩ් සමාගම සතුව තිබූ කොටස් ප්‍රමාණයක් මෙලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ.
මෙය ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 33%ක ප්‍රතිශතයකි.
මෙහිදී එක් කොටසක් රුපියල් 37.10ක් බැගින් ගනුදෙනුව සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 4.9ක් (4,958,415,000ක්) ලෙස සටහන්ව තිබේ.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අනුමැතිය හිමිවීමට නියමිතව ඇති බවත්, ඊට අමතරව අනෙකුත් නියාමන බලධාරීන්ගේ අනුමැතියද ඊට හිමිවිය යුතුව ඇති බවත් සමාගම් සඳහන් කරයි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවෙහි අනුබද්ධිත පරිපාලිත සමාගමකි.

Hits: 279