අවානි බෙන්තොට බ්‍රවුන්ස් සමූහය යටතේ තාල බෙන්තොට ලෙස සන්නාමය වෙනස් කරයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් සමුහය යටතේ පවතින බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගමට අයත් ‘අවානි බෙන්තොට’ හෝටලය ‘තාල බෙන්තොට’ ලෙස සන්නාම වෙනස් කිරිමකට ලක් කර නැවත විවෘත කිරීම පසුගියදා සිදු විය.
LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානයවී තිබේ. එසේම බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස්හි සමූහ සාමාන්‍යාධිකාරී එක්සත් විජේරත්න සහ තාල බෙන්තොට සාමාන්‍යාධිකාරී චන්න ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාග වී තිබේ.
මීට පෙර හේමාස් සමූහය යටතේ පැවැති සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සමාගමෙහි හෝටලයක් ලෙස පැවැති අවානි බෙන්තොට, 2020 දෙසැම්බර් මාසයේදී බ්‍රවුන්ස් සමූහය යටතට පත්විය.
ඒ අනුව සෙරෙන්ඩිබ් හොටේල්ස් පීඑල්සී සතුව තිබූ අවානි බෙන්තොට රිසෝර්ට්, අවානි කලුතර රිසෝර්ට්, ක්ලබ් හොටෙල් ඩොල්ෆින් මෙන්ම හොටෙල් සීගිරිය, ක්ලබ් හොටෙල් ඩොල්ෆින් යන හෝටල්ද බ්‍රවුන්ස් සමූහයේ බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම වෙත අයත් විය.
එහිදී රුපියල් මිලියන 791ක වටිනාකමකට මෙම හෝටල් ගනුදෙනුව සිදු වූ බවට සෙරෙන්ඩිබ් හොටේල් පීඑල්සී සහ බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම් අනාවරණය කර තිබුණි.
LOLC සමූහයෙහි හෝටල් සහ ලෙෂර් ව්‍යාපාරික හස්තය වන බ්‍රවුන්ස් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස් සමාගම 2009වසරේ සිට මෙරට ලෙෂර් ව්‍යාපාරික අංශය තුළ සිය ආයෝජන සිදු කරමින් සිටියි.එහිදී එම සමාගම අද වනවිට මාලදිවයින සහ මුරුසි දූපත් වෙතත් සිය ව්‍යාපාර ව්‍යාප්ත කර තිබේ.