මෙරට තුළ GSK ඖෂධ හා එන්නත් බෙදාහැරීම වෙනුවෙන් බවර් සමාගම නව සහයෝගීතාවකට පිවිසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගම, ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක්වන GSK හි ඖෂධ සහ එන්නත් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම වෙනුවෙන් පසුගියදා සුවිශේෂී සහයෝගීතාවකට එළඹුණි.

ඉකුත් වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ තම වාණිජ ව්‍යාපාර කටයුතු අවසන් කිරීම පිළිබඳ GSK සමාගම තීරණය කර තිබූ පසුබිමක, මෙම නව සහයෝගීතාව සමඟින් මෙරට ජනතාවට තවදුරටත් GSK හි ආරක්ෂිත, ඵලදායී සහ උසස් තත්ත්වයේ ඖෂධ ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.

නව සහයෝගීතාවට එළඹීම වෙනුවෙන් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර, බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලාසර් සහ GSK හි ශ්‍රී ලංකාසහමාලදිවයින කළමනාකරු/විධායකඅධ්යක්ෂක/ප්‍රධානමූල්‍යනිලධාරි මනෝජ් ජයවර්ධන යන මහත්වරු ද, බවර් සමාගමේ සෞඛ්‍ය සේවා අංශ අධ්‍යක්ෂ නිශාන්ත වීරසිංහ, ජෛව විද්‍යා අංශ අධ්‍යක්ෂ ගෙහාන් සෙනෙවිරත්න යන මහත්වරු ද එක්වූහ. බවර් සහ GSK ශ්‍රී ලංකා සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ, ව්‍යාපෘති කණ්ඩායම්, අංශ ප්‍රධානීහු ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

අති නවීන ඩිජිටල් යටිතල පහසුකම් සහ ශක්තිමත් ව්‍යාපාරික ආකෘතිවලින් සමන්විත පුළුල් බෙදාහැරීමේ ජාලයක් සහිත ඉහළ සදාචාරාත්මක, විශ්වසනීය සහ නිපුණතාවයෙන් හෙබි ආයතනයක් ලෙස බවර් සමාගම දශක ගණනාවක් පුරා සුවිශේෂී කීර්තියක් හිමිකරගෙන සිටී. මෙම හවුල්කාරිත්වය හරහා, GSK හි විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, පර්යේෂණ සහ සංවර්ධන සහ නවෝත්පාදන නිෂ්පාදන ඉදිරියටත් වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට ලබා ගත හැකිය.

1945 වසරේදී බවර් සමාගම සෞඛ්‍ය සේවා අංශයට පිවිසීමෙන් පසු, ශල්‍ය, රෝග විනිශ්චය සහ වෛද්‍ය පෝෂණ නිෂ්පාදන සඳහා වඩාත්ම ඉල්ලුමක් ඇති ආයතනයක් බවට පරිණාමය වී ඇති අතර විශ්වසනීයත්වය, නවෝත්පාදනය, සහ ගුණාත්මකභාවය පිළිබඳ විශිෂ්ට ඉතිහාසයක් සමාගම සතුය. බවර්සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම සහ ජාත්‍යන්තරව පිළිගත් ඖෂධ සන්නාම කිහිපයක් නියෝජනයකරන අතර, GSK හි හවුල්කාරිත්වය තුළින් ද එය තවදුරටත් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාව තුළ බවර් සමාගම මගින් බෙදාහරනු ලබන ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සන්නාම අතර Sanofi, Novartis, Sandoz, Nestlé Health Science, Merck, Roche, isispharma, MSD, Vitrolife, Unichem, Apex, Alcon, Vaitris, Inova, Santen, Eisai, Mega life Science, Rohto, Dexa Medica, Takeda සහ Ajanta Pharma වේ.

බවර් සමාගම,නිෂ්පාදකයාගේ සිට රෝගියා තෙක් අවසානය දක්වා වූ සිය ක්‍රියාකාරකම් සඳහා ඉහළම මට්ටමේ පාලනයක් සහ අනුකූලතාවක් පිරිනමයි. සිය පුළුල් බෙදාහැරීම් සහ ශක්තිමත් අලෙවිකරණ නිපුණතා මෙන්ම, ශීතාගාර ආශ්‍රිත සැපයුම් දාම කළමනාකරණයේ කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව දිවයින පුරා නිෂ්පාදන බෙදාහැරීමේ ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට බවර් බලාපොරොත්තු වේ.

Views: 49