DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් කාඩ්පත් හිමියන්ට වැඩි ප්‍රතිලාභ රැසක්

DFCC බැංකුව තම ගනුදෙනුකරුවන්ට වැඩි මූල්‍යමය නිදහසක් හා නම්‍යශීලීත්වයක් හිමි වන ආකාරයට තම ක්‍රෙඩිට් කාඩ්පත් හරහා පිරිනමන ප්‍රතිලාභ තවදුරටත් වැඩිදියුණු කර තිබේ.

ඒ අනුව Gold, Platinum, Signature, Infinite, World MasterCard සහ අනෙකුත් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රම සහ කාඩ්පත් මත පිරිනමන ණය වැනි සේවාවන් සඳහා වඩාත් හොඳ සේවාවක් සමග ඉහළ නම්‍යශීලීත්වයක් අත්විඳීමට හැකි වනු ඇත.

වෙනත් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් හිමි ගනුදෙනුකරුවන්ටද, එම කාඩ්පත්වල ශේෂය DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් වෙත මාරු කිරීම මගින් මෙම ප්‍රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලැබේ. මෙම ක්‍රමය යටතේ ඔවුන්ට වඩාත් හොඳ සේවාවක්, සහනදායී පොලී අනුපාත සමග වැඩි ඉතිරියක්ද හිමි වනු ඇත.

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබාදෙන පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගනුදෙනුකරුවන්ට රු. 10,000/- කට වැඩි ගනුදෙනු සඳහා මාස 60 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වන අතර, ඒ සඳහා අයකෙරෙනුයේ මූලික ගාස්තුවක් හා සේවා ගාස්තුවක් පමණි.

මේ නිසා මෙම සේවාව, වර්තමානයේ ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි වඩාත්ම සහනදායී පහසු ගෙවීමේ ක්‍රම අතරින් එකක් ලෙස සැලකෙන අතර, මෙමගින් ඔවුන්ට කරදරයකින් තොරව රිසි සේ තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට හැකියාව ලැබේ.

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් මත ණය ලබාදීමේ සේවාව මගින් කාඩ්පත් හිමියන්ට තම ණය සීමාවෙන් 75% ක් දක්වා ක්ෂණික ණයක් ලබාගත හැකි අතර, ක්ෂේත්‍රයේ අවම පොලී අනුපාත යටතේ එම මුදල ආපසු ගෙවීම සඳහා ඔවුන්ට මාස 60 ක් දක්වා කාලය හිමි වේ. මෙය කාඩ්පත් හිමියන්ට අනපේක්ෂිත වියදම් හෝ හදිසි මුදල් අවශ්‍යතා හමුවේ ලැබෙන සුවිශාල සහනයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන DFCC බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථාන ප්‍රධානී ඩෙන්වර් ලුවිස් මහතා “’සියලුම නිෂ්පාදන හා සේවාවන් සඳහා වෙළඳපොළේ හොඳම පොලී අනුපාත සමගින් සෑම ගනුදෙනුවක් සඳහාම 1% ක CashBack දීමනාවක් ලබා දීම මගින් අපගේ ගනුදෙනුකරුවන්ට විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වයන් තුළ වැඩි මූල්‍ය නම්‍යශීලීත්වයක් සමග, මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂමව සිදුකිරීම සඳහා විකල්ප රාශියක්ද හිමිවනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 64