IMF නිලධාරීන් පිරිසක් හෙට (11දා) මෙරටට එයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නිලධාරී කණ්ඩායමක් හෙට දිනයේදී මෙරට වෙත පැමිණිමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ඔවුන් ලබන මැයි 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබේ.
එම අරමුදල මගින් මෙරට වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙම වසර අවසානයේදී සිදු කෙරෙන පළමු විවරණය සඳහා වන සාමාන්‍ය උපදේශන කටයුතු යටතේ මෙම පිරිස මෙලෙස ලංකාවට පැමිණෙන බව සඳහන් වෙයි.
ඒ අනුව IMF හි ආසියා පැසිපික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්නා සිරිනිවාසන්, IMF හි ආසියා පැසිපික් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘයර් සහ IMF හි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත සර්වාට් ජහාන් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් මෙලෙස මෙරටට පැමිණීමට නියමිතව ඇත.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 64