ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය අලලා රචිත “An Island’s Eleven – A Story of Sri Lanka Cricket ” ග්‍රන්ථය එලි දැක්වේ

බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes) විසින් රචනා කරන ලද “An Island’s Eleven – A Story of Sri Lanka Cricket ” ග්‍රන්ථයේ නිල ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා ගල්කිස්ස හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය මෙම උත්සවයට සත්කාරකත්වය ලබා දුන් අතර, එය සිය ප්‍රවර්ධන කටයුතුවල තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ බවත් ඔවුන් පවසයි.

කීර්තිමත් ‘MCC ක්‍රිකට් සමාජය සහ MCC වසරේ ග්‍රන්ථය සම්මානය මෙන්ම ලෝක ප්‍රකට විස්ඩන් (Wisden) ක්‍රිකටර්ස් ඇල්මැනැක් විසින් පිරිනමන ‘වසරේ විස්ඩන් ග්‍රන්ථය’සම්මානය දිනා ගැනීමට මෙම ග්‍රන්ථයට හැකි වීම සුවිශේෂී වේ.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් H.E. Sarah Hulton මහත්මියයි.

එසේම ශ්‍රී ලංකාවේ නවසීලන්ත තානාපති H.E.Michael Aplleton මහතා , ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා, චලක ගජබාහු මහතා – සභාපති, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, නිකලස් බෲක්ස් -කතුවරයා ද ඇතුළුව, ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විචාරකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, සංචාරක නියෝජිතයන්, හෝටල් හිමියන් ,සංචාරක සංගම් සහ සංචාරක නිලධාරීන් සම්භාවනීය අමුත්තන් අතර ප්‍රධාන තැනක් ගත්හ.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන නිකොලස් බෲක්ස් මහතා, ක්‍රිකට් ලෝලියෙක්, ලේඛකයෙක් සහ ක්‍රිකට් විශ්ලේෂකයෙක් වන අතර ඔහු ටෝනි ග්‍රේග්, හර්ෂ බෝග්ලේ සහ තවත් ක්‍රිකට් විශ්ලේෂකයන් කිහිප දෙනෙකුගේ ගණයට වැටේ. මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වූයේ ක්‍රීඩා සහ විනෝදාස්වාදය සඳහා ලංකාව ප්‍රමුඛ පෙලේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමත් සහ පළමු වරට ශ්‍රී ලංකාවේ මෙම පොත එළිදැක්වීමයි.

නිකොලස් ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතිය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගැනීමටත්, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයක කෙටි කාලයක් ඉගැන්වීමටත් හැකි වූ බව පැවසීය.

“ශ්‍රී ලංකාව යනු ක්‍රිකට් සහ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාව වන අතර ක්‍රිකට් ක්‍රීඩාවට දේශීය ජනතාව අතර ඇති ඉමහත් ජනප්‍රියතාවය නිසා ක්‍රිකට් දෙවන ආගම ලෙස අදහන වෙනත් ජාතියක් ලෝකයේ නොමැති බවයි.” ඔහු පවසයි.

Visits: 87