ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව නිකුත් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව පසුගියදා (අප්‍රේල් 27දා) නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය මගින් සකස් කළ මෙම වාර්ෂික වාර්තාව 73 වැනි වාර්ෂික වාර්තාවද වෙයි.
මෙහිදී එම වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙලෙස පිළිගැන්වීම සිදු කර තිබේ.
මෙම අවස්ථාව සඳහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය යන මහත්වරුන් සම්බන්ධ වී තිබේ.

Hits: 46