ඉන්දියන් ඔයිල් සභාපති බිල්ගේස්ට් වෙත පිරිනැමූ ඉවතලූ පෙට් බෝතල්වලින් සැකසූ ජැකට්ටුව

ඉන්දියන් ඔයිල් සමාගමේ මැදිහත්වීමෙන් ඉවතලූ ප්ලාස්ටික් පෙට් බෝතල් යොදා ගනිමින් සකස් කළ ජැකට්ටුවක් පසුගියදා මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් වෙත පිරිනැමුණු බව පවසයි.

ඉන්දියන් ඔයිල් සමාගමේ සභාපති ශ්‍රීකාන්ත් මාදව් වායිද්‍යා විසින් මෙම ජැකට්ටුව බිල් ගේට්ස් වෙත පිරිනැමීම සිදු කර තිබේ.

එම සමාගම මගින් සිදුකරන පෙට් බෝතල් භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙලෙහි අවස්ථාවක් ලෙම මෙය සංවිධානය වී ඇත.

ඒ අනුව මෙය ඉන්දියානු ඔයිල් සමාගම මගින් අපගේ පෘථිවියට සහ යහපත් අනාගතය වෙනුවෙන් දක්වන ගෞරවයක් බවද සභාපතිවරයා පවසයි.

එසේම මෙවැනි කටයුත්තක් වෙනුවෙන් උනන්දු කරවීම සම්බන්ධයෙන් බිල්ගේට්ස් වෙත ස්තූතිවන්ත වනබවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Views: 143