කොමර්ෂල් බැංකුව කුවේට් සිට මෙරටට ප්‍රේෂණ මුදල් සේවා අරඹා වසර 20ක් සමරයි

කොමර්ෂල් බැංකුව විසින් කුවේට් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලංකාවට පේ‍්‍රෂණ මුදල් සේවා ක‍්‍රියාත්මක කර වසර 20ක් සැමරීම නිමිත්තෙන්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද උත්කර්ෂවත් සැමරුම් උත්සවයක් කුවේට් රාජ්‍යයේදී පවත්වන ලදී. මෙම උත්සවය ශ‍්‍රී ලාංකික කලා ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ඔප ගැන්වී තිබිණි.

මෙම උත්සවය විනිමය කාර්යාලවල කළමණාකාරිත්වය, කුවේට් රාජ්‍යයේ ප‍්‍රමුඛතම පාරිභෝගිකයින් සහ කලාපයේ අනෙකුත් ගණුදෙනුකරුවන්ගේ සහභාගීත්වයෙන් කුවේට්හි පිහිටි මිලේනියම් හෝටලයේදී පැවැත්විණ.

මෙම සන්ධ්‍යාවේ කැපී පෙනෙන අංගයක් වූයේ, ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් සංගීත නිර්මාපකයෙකු, වයලීන වාදකයකු සහ සංගීත අධ්‍යක්‍ෂවරයකු වන දිනේෂ් සුබසිංහ සහ ජනප‍්‍රිය ලාංකික ගායකයෙකු, විනෝදාස්වාදකයෙකු සහ රූපවාහිනී නිවේදකයකුද වන ක්ලීෆර්ඞ් රිචඞ්ස්ගේ ප‍්‍රසංගයයි.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කුවේට්හි ශ‍්‍රී ලංකා තානාපති ගරු කන්දීපන් බාලසුබ‍්‍රමානියම් මහතා සහභාගී වූ අතර, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප‍්‍රධාන දේශනය පැවැත්වීය. කුවේට් පේ‍්‍රෂණ වෙළෙඳපොළේ මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම සඳහා මනතුංග මහතා, කුවේට් වෙළෙඳපොළ සඳහා සුවිශේෂී ප‍්‍රවර්ධන දීමනා දෙකක් ප‍්‍රකාශයට පත් කළේය.

පෙබරවාරි මාසයේ දින 20ක් පුරා බැංකුව කුවේට්හි ව්‍යාපාරික හවුල්කරුවන් සඳහා සේවා ගාස්තු ඉවත් කරන බවත්, විශේෂ තැන්පතු ගිණුම් (SDA) සහ පුද්ගලික විදේශ මුදල් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතයක් ලබාදෙන බවත්, ඔහු ප‍්‍රකාශ කළේය. මෙම වසර 20ක පේ‍්‍රෂණ චාරිකාවේ සාර්ථක ගමනට ඔවුන් දැක්වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මනතුංග මහතා කුවේට්හි හවුල්කරුවන්ට සිය කෘතඥතාව පළ කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූවන් අතර, කුවේට්හි බැංකු පේ‍්‍රෂණ හවුල්කරුවන්, තෝරාගත් ශ‍්‍රී ලාංකික ගණුදෙනුකරුවන් සහ බැංකු කාර්ය මණ්ඩලයද වූහ. බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ, පාරිභෝගික නිෂ්පාදන සහ ඩිජිටල් නාලිකා ප‍්‍රධානී ප‍්‍රදීප් බංදුවංශ යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරිණී, ගෝලීය පේ‍්‍රෂණ, රංගිකා චන්ද්‍රසේන සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරිණී අලෙවිකරණය, ඉරෝෂා වෙත්තසිංහ යන මහත්මීන්ද, බැංකුවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ කුවේට්හි බැංකු ව්‍යාපාර ප‍්‍රවර්ධන නිලධාරීන්ද සහභාගී වූහ.

Views: 46