කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම වෙනුවෙන් ‘DIVA දෑතට දිරිය’ වැඩසටහන දියත් කරයි

Diva, Women in Management (WIM) සමඟ එක් වී, කාන්තාවන් විසින් සිය පවුලට, සමාජයට සහ රටට සිදු කරනු ලබනසුවිශේෂී දායකත්වය අගයනු වස් කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසිඇතුළත් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එහි දී ඔවුන්ගේ ගෘහස්ථ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා  සහයෝගය ලබා දීමට ද කටයුතු කරයි.මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන  2023 ජනවාරි මාසයේ දී දංකොටුව ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, එය ජාතික වැඩසටහනක් වශයෙන් මුළු දිවයින ම ආවරණය කිරීමට නියමිතය.

දින නවයක කාලයක් පුරා පැවති මෙම පුහුණු සැසිය නිමා කළ කාන්තාවන්ගේ දක්ෂතා සහ නිපුණතා ඇගයීම වෙනුවෙන් සම්මාන උළෙලක් ද DIVA විසින් පවත්වන ලදී.

එමෙන් ම මෙම වැඩසටහනට සමගාමී ව සහභාගි වන කාන්තාවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කෙරෙන අතර, අවසානයේ ප්‍රථම,දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා කාන්තා ව්‍යවසායකයින්ගේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් මූල්‍ය ත්‍යාග පිරිනැමේ.

ව්‍යාපාර සාර්ථක ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෘත්තීයමය උපදෙස් සහ වෘත්තීය කුසලතා නංවාගැනීම වෙනුවෙන් කාන්තාවන්ට සහයෝගය ලබා දෙන  DIVA දෑතට දිරිය වැඩසටහන මගින් ඔවුන්ගේ ව්‍යාපාරික ජීවිතය සහ සාමාන්‍ය පවුල් ජීවිතය කළමනාකරණය කර ගැනීමට උපදෙස් මෙන් ම  මූල්‍ය හා ඩිජිටල් සාක්ෂරතාව ලබා දීම ද කැපී පෙනේ.

එමෙන් ම  බිම් මට්ටමේ ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් සඳහා සහයෝගය ලබා දෙමින්, කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම මගින් ජාතික ආර්ථිකයට ශක්තියක් වීම DIVA හි අරමුණයි.

මෙම වැඩසටහන පිළිබඳව  අදහස් දක්වමින් Hemas Consumer Brands සමාගමේ ගෘහ සත්කාරක නිෂ්පාදන අංශයේ ප්‍රධානී අනුෂ්කා සබානායගම් මහත්මිය, “DIVA සන්නාමයේ අරමුණ කාන්තාවන් බලගන්වමින්, ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහයෝගය ලබා දීමයි. කාන්තාවන්ට අත්වැලක් විදියට, DIVA දෑතට දිරිය වැඩසටහනහරහා ඔවුන්ගේ ව්‍යවසායකත්වයේ ගමනට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීම අපගේ ප්‍රධානතම අරමුණයි. මෙහි දී හොඳම ජයග්‍රාහිකාවන් තිදෙනාට ඔවුන්ගේ ව්‍යවසායකත්ව සිහිනය සැබෑ කර ගැනීම සඳහාඅවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දීමට අපි සියලු ම කටයුතු සූදානම් කරල තිබෙනවා.” යනුවෙන් පැවසුවාය.

Visits: 48