මස්කෙලිය ටී එක්ස්පෝර්ට්ස් සමාගම ඒෂියා සියාකා කොමොඩිටීස්හි දෙවැනි විශාලතම කොටස්හිමිකරුවා වෙයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගමෙහි (ASIY.N0000) සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 30,200,000ක් මිලදී ගැනීමට මස්කෙලිය ටී එක්ස්පෝටර්ස් (පෞද්) සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි.
ඊයේ (ජනවාරි 30) වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇති බව එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/12/SIC-PACK.gif)
ඒ අනුව මෙම ගනුදෙනුවත් සමගින්ම මස්කෙලිය ටී එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගම සතුව ඇති ඒෂියා කොමොඩිටීස් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්වය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 30,791,252ක් ලෙස සටහන්ව තිබේ.
මෙය එම සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 11.84%ක ප්‍රතිශතයක් ගන්නා බවත් ඒෂියා සියාකා කොමොඩිටීස් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාව වනවිට මස්කෙලිය ටී එක්ස්පෝර්ට්ස් සමාගම සතුව තිබූ ඒෂියා සියාකා කොමොඩිටීස් කොටස් හිමිකාරීත්වය 591,252 කි. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම මස්කෙලිය තේ සමාගම එහි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් 06 වැනිදා නිකුත් කෙරුණු එම සමාගමෙහි 2021/22 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවට අනුව එහි කොටස් හිමිකාරීත්වයෙන් 132,678,464ක් (සමස්ත ප්‍රකාශිත කොටස් 260,000,000 අතරින් 51.03%ක්) හිමිව ඇත්තේ ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් ලිමිටඩ් සමාගමටයි.
විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් ලෙස කොළඹකොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගම 1998 වසරේදී ස්ථාපිත කරවූවකි. එම සමාගමෙහි ප්‍රධානතම මෙහෙයුම වන්නේ තේ ඇතුළු සාම්ප්‍රදායික නොවන නිෂ්පාදනවල තැරැව්කරුවෙකු ලෙස කටයුතු කිරීමයි.
ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙුන අවසානයේදී ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගමෙහි කොටස් වටිනාකම රුපියල් 4.60ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති වටිනාකමට සාපේක්ෂව ශත 50ක එනම් 12.20%ක ඉහළ යාමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 107