ශ්‍රීලංකන් ගුවන් සේවය නව වැඩිදියුණු කළ ජංගම යෙදුමක් එළිදක්වයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා නව වැඩිදියුණු කළ ජංගම යෙදුමක් පසුගියදා එළිදක්වා තිබේ.

මෙමගින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගුවන් ගමන් වෙන් කිරීම් කළමනාකරණය කිරීම, අගය එකතු කළ සේවාවන් මිලදී ගැනීම, FlySmiLes ගිණුමක් සඳහා ලියාපදිංචි වීම සහ වෙනත් විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා වැඩි පහසුවක් සහ නම්‍යශීලී බවක් ලබා දෙනු ඇත.

නව යෙදුමට පමණක් සීමා වූ විශේෂාංග හරහා පාරිභෝගිකයින්ට වැඩි ස්වයං පාලනයක් ලබාගත හැකිවේ. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ පියාසර ආහාර පාන තෝරා ගැනීමට හැකි වනු ඇත. තවද ආසන වෙන් කිරීම්, සංචාර දින සහ ගමනාන්ත වෙනස් කිරීම, අතිරික්ත ගමන් මලු, සංචාරක රක්ෂණ සහ තීරුබදු රහිත භාණ්ඩ වැනි අගය එකතු කළ සේවාවන් මිලදී ගැනීම් සහ ගුවන් ගමන් කල්තියා පරීක්ෂා කටයුතු සිදු කිරීම මේ යෙදුම් හරහා පහසු වනු ඇත.

මගීන්ට සිය ගුවන් ගමනේ යෙදී සිටින අවස්ථාවේ දී පවා ගුවන් ගමන් වෙන්කරවා ගැනීම් කළමනාකරණය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම මෙමගින් ලබාදී තිබේ. නව ‘My Trips’ විශේෂාංගය සමඟින් පාරිභෝගිකයින්ගේ යෙදුම-තුළ අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කිරීමට උපකාරී කරනු ඇත.

මුල් පිටුවට පිවිසීමේ දී පියාසැරි කාලසටහන පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර පරිශීලකයින්ට ගුවන් ගමන් පිටත්වීමේ සහ පැමිණීමේ වේලාවන් සෙවීමට සහ රැඳී සිටීමට ඉඩ සලසයි. ගනුදෙනුකරුවන්ට යාවත්කාලීන තොරතුරු ලබාගත හැකි අතර නවතම ගනුදෙනු සහ ප්‍රවර්ධන ගාස්තු පිළිබඳව දැනුවත් වීමට හැකියාව පවතී. මීට අමතරව, FlySmiLes නිතර පියාසර කරන ගිණුමක් සඳහා ලියාපදිංචි වීම නවීකරණය කරන ලද යෙදුම සමඟ පහසු කර ඇත. ලියාපදිංචි වූ සාමාජිකයින්ට යෙදුම හරහා ගුවන් ටිකට්පත් සඳහා මයිල්ස් භාවිත ප්‍රතිලාභ ලබාගැනීම පහසු කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා ප්‍රකාශ කළේ ශ්‍රීලංකන් ගුවන් සේවයට ජංගම දුරකථන ප්‍රමුඛතාවයක් වන බවයි. “පසුගිය වසර තුන තුළ ජංගම දුරකථන භාවිතයේ දැවැන්ත වර්ධනයක් දක්නට ලැබුණා. අපගේ අමුත්තන් දැන් වැඩි වැඩියෙන් ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන හරහා ඔවුන්ගේ ජීවිත කළමනාකරණය කරමින් සිටිනවා. ශ්‍රීලංකන් නව යෙදුම අපගේ පාරිභෝගිකයින්ට බොහෝ වාසි සහ තවත් බොහෝ දේ ලබාදෙනවා. ඒ වගේම අප සමඟ ඔවුන්ගේ සංචාර කළමනාකරණය කිරීමට පහසුවනවා වගේම පරිශීලක අත්දැකීමක් වැඩිදියුණු කරනවා.” යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ සමූහ ප්‍රධානී චාමර පෙරේරා මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් නව ඇප් එක සමඟින් එහි නවෝත්පාදන මාර්ග සිතියමේ තවත් සන්ධිස්ථානයකට ළඟා වී තිබෙනවා. එමඟින් මගීන්ට පහසුවෙන් සම්පූර්ණ සංචාරයක් වෙන්කරවා ගත හැකියි. ඩිජිටල්කරණ ක්ෂේත්‍රයේ අපි ඉදිරියට යන විට මෙම යෙදුම නව තාක්‍ෂණ සමඟම විකාශනය වේවී. ” ඒ මහතා පැවසීය.

ශ්‍රීලංකන් දැනට ඉදිරි මාසවලදී යෙදුමට තවත් විශේෂාංග හඳුන්වා දීමට කටයුතු කරමින් සිටියි. ගුවන් ගමන් වෙන්කරවා ගැනීම සඳහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්‍රියතම වේදිකාව ලෙස මෙම යෙදුම තෝරා ගනු ඇත. මෙම යෙදුම Android සහ iOS භාවිතා කරන්නන් සඳහා Google Play සහ App Store හරහා ලබා ගත හැකිය.

Visits: 56