ලොව වැඩිම Ransomware ගෙවීම්, නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් සිදු වන බවට Sophos අනාවරණයක්

Ransomware සඳහා සියලූම ක්ෂේත‍්‍ර ගෙවීම් කරනු ලබන ඩොලර් 812,360 ක මුදල සලකා බැලීමේදී ඒ සියලූ ක්ෂේත‍්‍ර අතරින් නිෂ්පාදන ක්ෂේත‍්‍රය පමණක් ඩොලර් 2,036,189 ක් වැනි ඉහළම ගෙවීමක් සිදු කරන බව සයිබර් ආරක්ෂණ සේවාවන් නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන Sophos පවසයි.

පසුගියදා ප‍්‍රකාශයට පත් කරන ලද “The State of Ransomware in Manufacturing and Production නව සමීක්ෂණ වාර්තාවකින් එම ආයතනය මේ බව සඳහන් කර සිටියි.

මීට අමතරව, සමීක්ෂණයට ලක් කරන ලද නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ සංවිධානවලින් 66% ක සංකීර්ණ සයිබර් ප‍්‍රහාරවල වැඩි වීමක් වාර්තා කර ඇත. පසුගිය වසරේ සමීක්ෂණය හා සැසඳීමේදී සයිබර් ප‍්‍රහාරවල 61%ක වැඩි වීමක් ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

තවද මෙම සයිබර් ප‍්‍රහාරවල සංකීර්ණත්වය හා පරිමාව ඉහළ යාම ද cross-sector ට වඩා පිළිවෙලින් 7%කින් හා 4%කින් වැඩි බව ද එමගින් වැඩිදුරටත් පෙන්වා දේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Sophos හි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක ජෝන් ෂයර් මහතා, ”සැපයුම් දාමය තුළ එයට හිමිව ඇති තත්වය හා පිළිගැනීම හේතුවෙන් නිෂ්පාදන ක්ෂේත‍්‍රය යනු සයිබර් අපරාධකරුවන්ගේ අවධානය යොමු වන ආකර්ෂණීය ක්ෂේත‍්‍රයක් ලෙස පෙන්වා දිය හැකියි. යල් පැන ගිය යටිතල පහසුකම් සහ OT පරිසරය වෙතට ප‍්‍රමුඛතාවක් නොමැති වීම හේතුවෙන් ප‍්‍රහාරකයන්ට පහසුවෙන් ඇතුල් වීමට සහ breached network එකක් තුල සිදු කරන ප‍්‍රහාර සඳහා වේදිකාවක් සපයනු ලබනවා. තොරතුරු තාක්ෂණය සහ OT එකට හමු වීම attack surface (ඕනෑම පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වීම සඳහා ඇති සියලූම පිවිසුම් ස්ථාන ගණන) වැඩි කරන අතර දැනටමත් සංකීර්ණ පරිසරයේ අවදානම තවත් උග‍්‍ර කරනවා” යනුවෙන් පවසා තිබේ.

”විශ්වසනීය backups (මුල් දත්ත හෝ දත්ත ගොනු නැති වී හෝ විනාශ වූ අවස්ථාවක භාවිතා කිරීමට දත්ත හෝ දත්ත ගොනු පිටපත් සෑදීමේ ක‍්‍රියාවලිය) තිබීම නැවත යථා තත්වයට පත් වීමේ වැදගත් අංගයක්. අද තිබෙන ransomware තර්ජනයට මිනිසා මූලික කොටගත් තර්ජන දඩයම් කිරීමේ හැකියාව ඇතුළත් සවිස්තරාත්මක ප‍්‍රතිචාර සැලසුමක් (detailed response plan) අවශ්‍ය වනවා. සංකීර්ණ ප‍්‍රහාර සඳහා විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වන අතර, බොහෝ සංවිධානවලට, ක‍්‍රියාකාරී ප‍්‍රහාරකයන් සෙවීමට සහ උදාසීන කිරීමට පුහුණු කරන ලද managed detection and response (MDR) කණ්ඩායම් එකතු කිරීම මෙයට ඇතුළත් වනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

නිෂ්පාදන ක්ෂේත‍්‍රය Ransomware සඳහා ඉහළම ගෙවීමක් සිදු කළද, සමස්තයක් ලෙස ඇත්ත වශයෙන් සංවිධාන විසින් Ransomware සඳහා ගෙවූ මූදල පහලම අගයක් ගන්නා බවත් Sophos වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 90