Light & Shade නවීනතම ප්‍රදර්ශනාගාරයක් ගල්කිස්සේදී විවෘත කෙරේ

සම්ප්‍රදායික ජනෙල් තිර රෙදි වෙනුවට නවීනතම සහ සිත් ඇදගන්නාසුලු, නිවසට කදිම වර්ණයන් සහ නිමාවක් ලබාදෙන අනර්ඝ තත්ත්වයේ Blinds සහ Shades සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන Light & Shade විසින් සිය සිව්වැනි ප්‍රදර්ශනාගාරය පසුගියදා ගල්කිස්සේදී විවෘත කරන ලදී.

ඉතා මනරම් ආකාරයට නිම කරන ලද නව ප්‍රදර්ශනාගාරයේ විවිධ හා විචිත්‍ර වර්ණයන්ගෙන් යුතු නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර, පාරිභෝගිකයන් රැසකට සහභාගි වීමට අවශ්‍ය (රැසකට එකවර පහසුකම් සලසන) අති විශාල Car Park අංගනයකින්ද සමන්විත වෙයි. මෙම නව ප්‍රදර්ශනාගාරය අංක 170, ගාලු පාර, දෙහිවල-ගල්කිස්ස යන ස්ථානයේ පිහිටා තිබේ.

සිය නවීනතම ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීම පිළිබඳ අදහස් දක්වමින් Light & Shade ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සේනක ජයසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ”අපගේ නිෂ්පාදන සහ සේවාවන් ආයතනික හා වාණිජමය මෙන්ම, නිවාස ආශ්‍රිත එදිනෙදා ගනුදෙනුකරුවන්ට වඩාත් ප්‍රවේශ විය හැකි ආකාරයෙන් පුළුල් කිරීමට ලැබීම ගැන අප ඉමහත් සතුටට පත්වෙනවා. එහිදී, විචිත්‍රවත්, නවීන සහ සරල, නැත්නම් ඉතා සුවපහසු ජීවිතයක පිළිබිඹුවක් වන ඕනෑම තෝරාගැනීමක් යටතේ, තමන්ගේම හෝ තම සේවාදායකයාගේ ජීවන රටාවට වඩාත් ගැළපෙන පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකයන්, ජනප්‍රිය හා ප්‍රකට චරිත, වෘත්තිකයන් සහ අභ්‍යන්තර සහ බාහිර අලංකරණ විශේෂඥයන්ගෙන් සමන්විත විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් පිරිසක් මේ වනවිටත් Light & Shade සමග වසර 17ක් ස්ථාවරව ගමන් කරමින් සිටිනවා. නව ප්‍රදර්ශනාගාරය මගින් පාරිභෝගිකයන්ට සේවා සැලසීමේදී මෙන්ම, අලෙවියෙන් පසු සේවාවන් හිදීද ඉහළ පලපුරුද්දකින් යුතු විකුණුම් උපදේශකයන් සමග සෘජුවම අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවීම පාරිභෝගිකයාට ඉතා සුවිශේෂී පහසුවක් බවද සඳහන් කළ යුතුයි.”

”ඕනෑම තේමාවක් සහ ස්ථානයක් සඳහා සුදුසු විවිධාකාර මෝස්තරයන්ගෙන්, Operation System සහ නිර්මාණ සැලසුම්වලින් යුතු අසමසම නිෂ්පාදනයන් අප සතුයි. ඒ වගේම, ඛසටයඑ ) ීය්ාැ විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටුකර ගැනීමට සහාය වීම සඳහාම කැපවූ පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකයක්ද +94 117770999 ලබාදී තිබෙනවා. එහිදී, නව ජීවන රටා සහ ප්‍රවණතා සමග අප ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙතද අපගේ නිෂ්පාදන සහ සේවාවන් ලබාදෙමින් සිටිනවා.” ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Light & Shade සන්නාමය දේශීය සංචාරක නිකේතන 200කට වැඩි ප්‍රමාණයක් සහ විදේශීය සංචාරක නිකේතන 66කට අධික සංඛ්‍යාවක් දැනටමත් ආකර්ෂණය කර ඇති අතර, Hilton Seychelles, Four Seasons,Jumeirah Maldives, Doubletree by Hilton, Cinnamon Hotels & Resorts, Shangri-La යනාදී ව්‍යාපාර ජාලයන් වෙත Light & Shade සිය නිෂ්පාදන සහ සේවා සපයයි. ඉන් නොනැවතී, Light & Shade සතුව Toyota, SriLankan Airlines, HSBC, Softlogic සහ Nawaloka Hospitals මෙන්ම, Altair, Shangri-La Residences, Astoria සහ 447 Luna Tower වැනි දැවැන්ත නේවාසික ව්‍යාපෘති ඇතුළු ආයතනික ගනුදෙනුකරුවන් රැසක් සඳහා නිෂ්පාදන සහ සේවය ලබාදී ඇත.

Light & Shade පසුගිය වසර 17 තුළ දේශීය වශයෙන් පමණක් නොව, කලාපීය වශයෙන්ද පුරෝගාමියෙකු ලෙස සිය ස්ථාවරය තහවුරු කරගෙන ඇත්තේ ශ්‍රී ලාංකේය ව්‍යවසායක සන්නාමය මෙසේ ඉහළට ඔසවමිනි.

එමෙන්ම, Light & Shade හි නවීනතම අත්දැකීම් මධ්‍යස්ථාන මගින් පිරිනමනු ලබන සේවාවන් අතර ප්‍රධාන තැනක් ගන්නා අන්තර්ගතයන් ලෙස, සේවා අවශ්‍ය පරිශ්‍රයන් වෙත ගොස් නිරීක්ෂණය, මිනුම් ලබාගැනීම, නිවැරදි විසඳුම්/භාන්ඩ හඳුනා ගැනීම, නිෂ්පාදනයන් සවි කිරීම සහ අලෙවියෙන් පසු සේවා සැපයීම යනාදිය දැක්විය හැක.

ගල්කිස්සේදී විවෘත වූ මෙම නවීනතම අත්දැකීම් මධ්‍යස්ථානය මගින්ද බොරලැස්ගමුව, පිළියන්දල, රත්මලාන, කොල්ලුපිටිය, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව ඇතුළු ප්‍රධාන තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දකුණු කොළඹ ප්‍රදේශය ආවරණය කිරීම පාරිභෝගිකයන්ට තවත් පහසුවකි.

Views: 57