ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් MSME ව්‍යවසායකයන්ට HNB රු. මිලියන 10 ක් වෙන් කරයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) සඳහා හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැනට පවතින ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වන ඔවුන්ගේ සමාජ සත්කාර වැඩසටහනක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ හි තවත් එක් අදියරක් ලෙස රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින ව්‍යවසායකයින්ට අතහිත දීම සඳහා යළිත් රුපියල් මිලියන 10 ක් මුදලක් වෙන් කිරීමට කටයුතු කළේය.

2020 දී කොවිඞ්-19 වසංගතය ආරම්භ වීමත් සමඟ දියත් කරන ලද මෙම වැඩසටහන මගින් දිවයින පුරා සිටින තෝරාගත් ව්‍යවසායකයින් 100 දෙනෙකුට ඔවුන්ගේ ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙනු ඇත.

HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී CTO/තිරසාර පදනමේ ප‍්‍රධානී එල්. චිරන්ති කුරේ, HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්‍යාධිකාරී, ක්ෂුද්‍ර මූල්‍ය, විනෝද් ප‍්‍රනාන්දු, HNB සහකාර සාමාන්‍යාධිකාරී – SME, ඉන්ද්‍රවාසන් කයිලයිවාසන් සහ HNB අලෙවි අංශයේ ප‍්‍රධානී, උපුල් අදිකාරී යන මහත්ම මහත්මීන් මෙම ප‍්‍රදානය කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට සහභාගී විය.

2020 දී බැංකුව මෙහි පළමු අදියර යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 117 දෙනෙකුට මූල්‍ය පහසුකම් සැපයූ අතර පසුව 2021 දී දෙවන අදියර යටතේ 83 දෙනෙකුට මූල්‍ය පහසුකම් සලසා ඇත. මෙම ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ, HNB මෙම වසරේදී ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගිකයින් 100 දෙනෙකුට මූල්‍ය පහසුකම් සලසනු ඇත.

HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් දිවයින පුරා පිහිටි බැංකුවේ ශාඛා ජාලය සම්බන්ධ කර ගනිමින් එහි උපායමාර්ගික අංශ හරහා සමස්ත ආයතනික වගකීම මෙහෙය වනු ලබයි. මෙම පදනම මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම සහ පාරිසරික යන උපායමාර්ගික ක්ෂේත‍්‍ර හතර කෙරෙහි අවධානය යොමු කරයි.

Views: 57