පෞද්ගලික විදුලිබලාගාර හරහා විදුලිය මිලදී ගැනීමට CEB වෙත අනුමැතිය

බිඳ වැටීමට ලක්ව ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි ඒකකය යථා තත්ත්වයට පත් කරන තෙක් ලංකා විදුලි බල මණ්ඩලය (CEB) වෙත පෞද්ගලික විදුලි බලාගාර හරහා විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිෂම (PUCSL) මගින් අනුමැතිය ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අද පෙරවරුවේදී ට්විටර් ගිණුම හරහා අදහස් දැක්වීමක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. මෙම නොරොච්චෝලේ බලාගාර බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට දින 3ත් -5ත් අතර කාලයක් ගත වනු ඇතැයිද අමාත්‍යවරයා ඊට පෙර සඳහන් කර තිබුණි.

මේ අතර පවතින හේතුවෙන් දිනකට සිදු කරන විදුලි කප්පාදු කාලය වැඩි කිරීමට සිදුවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිෂමද අද පෙරවරුවේදී සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් හෙට දිනයේ සිට කිසිදු විදුලි කප්පාදු කාලසීමාවේ ඉහළ දැමීමක් සිදු නොකරමින් තත්ත්වය පාලනයට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියි.

ඒ සඳහා ඉන්ධන විදුලිබලාගාර වෙනුවෙන්  ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ භූමිතෙල් ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 91