‘ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022‘ අති සාර්ථකව පැවැත්වෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සහ කොළඹ රුසියානු මන්දිරය එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022‘ පසුගිය සිකුරාදා (23දා) අති සාර්ථක ලෙස කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 65ක් සපිරීම නිමිත්තෙන් මෙම ප්‍රදර්ශන අවස්ථාව සංවිධානය වී තිබූ අතර, වසංගතය හේතුවෙන් වසර තුනකට පසුව මෙම උළෙල සංවිධානය වීමත් විශේෂත්වයකි.
මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි වූ අතර, ඒ මහතා අතින් ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කෙරිණි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ කොළඹ රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්තාවට සහභාගි විය.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/09/305052594_475695871250522_7053779901491788172_n-1024x682.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/09/305649350_475696014583841_5847237969079198052_n-1024x682.jpg)
එදින පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත් වුණු මෙම ‘ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022‘ විවිධ රුසියානු සංස්කෘතික, රුසියානු තාක්ෂණික, රුසියානු දේශපාලනික කාරණා ඇතුළු රුසියානු අංගවලින් සමන්විත විය.
එහිදී මෙරට කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් මෙන්ම කොළඹ රුසියානු සමාජයේ සාමාජික සාමාජිකාවන් එක්ව ප්‍රදර්ශන කුටි සංවිධානය කර තිබුණි. ‘රුසියාවම කොළඹට‘ යන තේමාවෙන් සංවිධානය වූ මෙම වැඩසටහන යටතේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි ලෝක උරුමයක්ද වන සුප්‍රසිද්ධ ශාන්ත බැසිල්ගේ ආසන දෙව්මැදුර සහ රුසියානු ගෘහ නිර්මාණශිල්පීය ලක්ෂණ ඇතුළත් වේදිකාවක්ද මෙම පරිශ්‍රය තුළ සංවිධානය කෙරී තිබුණි.
මෙම ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022 සඳහා පැමිණි පිරිස සඳහා රුසියානු ආහාර, රුසියානු නර්තන අවස්ථා, මෙන්ම රුසියානු චිත්‍රපට දෙකක් නොමිලේම නැරඹීමේ අවස්ථාවද උදාවිය. කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යාපනය ලබන සිසුන් ඉදිරිපත් කළ රුසියානු ගායනා සහ සංගීත ඉසව්ව කාගේත් සිත් ගත්තේය.
මෙවර ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022 සාර්ථකව පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යාපන සහ මහජන සම්බන්ධතා නිලධාරිනී වෙනුරිකා ජයසිංහ මහත්මිය, “අපි හිතුවාටත් වඩා මෙවර උළෙල සාර්ථකකරගන්න හැකි වුණා. විශේෂයෙන්ම රුසියානු සමාජයේ සාමාජිකයන්ගෙන් ඊට ලොකු දායකත්වයක් හිමිවුණා. ලබන වසරේදී මෙම ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල මීටත් වඩා සාර්ථක පවත්වන්න අපිට හැකිවේවි.” යනුවෙන් පවසා සිටියාය.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/09/307338098_475695874583855_3269646136114445617_n-1024x682.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/09/302305774_475696087917167_8970721810354205343_n-1024x682.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/09/307873610_475696024583840_5264790927894054626_n-1024x682.jpg)
ශ්‍රී ලංකා යුද හමුදා නර්තන කණ්ඩායම, කොළඹ රාජකීය විද්‍යාලයේ බාලදක්ෂ වාදන කණ්ඩායම, කැලනිය හෙලේනා විජේවර්ධන බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන්, රුසියානු බැලේ පාසැලේ සිසු සිසුවියන් සහ මහජන පුස්තකාල කාර්ය මණ්ඩලයේ දරුදැරියන් ඉදිරිපත් කළ නර්තන සහ ගායනා අංගවලින්ද මෙම ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022 තවත් වර්ණවත් විය.
එසේම මෙවර ශ්‍රී ලංකා -රුසියා මිත්‍රත්ව උළෙල 2022 නිමාවට පත් කරමින් අලංකාර ගිනිකෙළි සංදර්ශනයක්ද අවසානයේදී පවත්වන්නට සංවිධායකයන් කටයුතු යොදා තිබුණි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 69