මාස හයකයට ප්‍රමාණවත් ග්ලයිෆොසේට් ආනයනයට අනුමැතිය

2022/23 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ඵලදායී අයුරින් සිදු කිරීමට හැකි වන පරිදි මාස හයක  කාලයකට ප්‍රමාණවත් ග්ලයිෆොසේට් ආනයනය සඳහා අනුමැතිය ලබා දුන් බව රජය පවසයි.

අද පෙරවරුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී මෙම කරුණු අනාවරණය කෙරිණි. ඒ අනුව මෙලෙස කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය ග්ලයිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරී තිබේ.

විශේෂයෙන්ම රජය විසින් ග්ලයිෆොසේට් ආනයනය කිරීම තහනම් කිරීම/සීමා කිරීම පිණිස ගනු ලැබු ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් සියලුම ආකාරයේ කෘෂිකාර්මික කටයුතුවලට දැඩි බලපෑමක් සිදුව ඇතැයි රජය පවසයි.

ඒ හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනවල අඩුවීමක් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳපොළ මිල ඉහළ යාමක් ද සිදුව තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022/23 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ඵලදායී අයුරින් සිදු කිරීමට හැකි වන පරිදි අවශ්‍යතාව අනුව සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට නිර්දේශ ඉදිරිපත්ව ඇත.

ඒ අනුව, මාස හයක (06) කාලයක් සඳහා කෘෂිකාර්මික කටයුතුවලට අත්‍යවශ්‍ය ග්ලයිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

Views: 52