හේලීස් ෆැබ්රික් පීඑල්සී වෙතින් රුපියල් 1.00 බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම (MGT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සැම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.00 බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.
මෙම ලාභාංශ ගෙවීම 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 30 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස සැප්තැම්බර් 23 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති හේලීස් ෆැබ්රික් සමාගම සඳහන් කරයි.
මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී හේලීස් ෆැබ්රික් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 36.40ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 37.00ට සාපේක්ෂව රුපියල් ශත 60ක එනම් 1.62%ක පසු බැසීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 75