සෙලින්කෝ ලයිෆ් ‘ප්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහනෙන් තවත් සිසු දරුවන් 147 දෙනෙකුට ශිෂ්‍යත්ව

අධ්‍යයන සහ බාහිර ක‍්‍රියාකාරකම් වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 147 ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.1 ක් වටිනා ශිෂ්‍යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 21 වන අදියරේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පවත්වන ලදී.

අඛණ්ඩව දෙවන වරට මෙම උත්සවය Zoom ඔස්සේ සජීවීව විකාශය කළ අතර මේ සඳහා දෙමව්පියන්, ගුරුවරුන්, ශිෂ්‍යත්ව ලාභීන් ඇතුළු 200 කට වැඩි පිරිසක් සහභාගී විය. මෙහිදී, කැළණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙම මාර්ගගත වැඩසටහනේ ආරාධිත දේශකයා ලෙසින් එක්වූ බව සමාගම සඳහන් කරයි. 

මීට අමතරව, මෙම උත්සව සභාව ගාල්ල දිස්ත‍්‍රික්කයේ අ.පො.ස උසස් පෙළ ප‍්‍රථම ස්ථානය දිනාගත් බී. අමන්දි දිල්හාරා සමරවික‍්‍රම සහ යාපනය දිස්ත‍්‍රික්කයේ අ.පො.ස උසස් පෙළ ප‍්‍රථම ස්ථානය දිනාගත් තනරාජ් සුන්දර්භවන් යන අයද අමතන ලදී.

මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානයේදී පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දු පුතුනට හා අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ලබාදුන් අතර ක‍්‍රීඩාවල සංස්කෘතියල කලාවල නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමිකරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව පිරිනැමිණ. මීට අමතරව, අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් දෙවැනිල තෙවැනි හෝ සිව්වන ස්ථාන හිමිකරගත් ඔප්පුහිමියන්ගේ දරුවන්ට එම ජයග‍්‍රහණ සඳහාද විශේෂ මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.

මෙම නවතම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුදරුවන් 28 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 120,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව සමාගම විසින් පරිත්‍යාග කළ අතර එම ශිෂ්‍යත්ව අවුරුදු පහක් පුරා මාසික වාරික වශයෙන් සිසුන්ට ලබාදීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුදරුවන් 25 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 84,000 ක් බැගින් වන ශිෂ්‍යත්ව ප‍්‍රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු දෙකකින් ලබාදීමට සමාගම සහතික වී තිබේ. එසේම, 2020 අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත‍්‍රික් පළමුවෙනියා බවට පත්වූ සිසු දරුවන් 25 දෙනෙකු සඳහා එක්අයෙකුට රුපියල් 144,000 ක් බැගින් සමාගම විසින් ප‍්‍රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු තුනකින් ලබාදීමට සමාගම කටයුතු කරනු ඇත.

එසේම, 2020 අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 65 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ලබාදීමටද සමාගම කටයුතු කළේය.

මීට අමතරව, 2020 සහ 2021 වසර වලදී ක‍්‍රීඩා, නාට්‍ය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි අංශයන්ගෙන් විශිෂ්ටතා දැක්වූ දරුවන්ට කුසලතා සම්මාන හිමිවූ අතර ඒ වෙනුවෙන් එක් අයෙකු වෙත සමාගම රුපියල් 35,000 ක මුදලක් ප‍්‍රදානය කළේය.

මේ සියල්ලට අමතරව මෙම විභාග තුනේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් පළමු දසදෙනා අතරට පත්වූ සිසුදරුවන් 506 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ඇගයීමේ සහතිකයක් සහ ත්‍යාග පාර්සලයක් සමාගම විසින් ඔවුන් ගනුදෙනු සඳහා සම්බන්ධ වන ශාඛා වලදී ළඟදීම පිරිනමන බව සමාගම සඳහන් කරයි.

Visits: 65