EDB පවත්වන පලතුරු සහ එළවළු අපනයන වෙළඳපොල පිළිබද අන්තර්ජාල සැසිය සැප්. 21 දා

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ පලතුරු සහ එළවළු අංශයේ අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022 සැප්තැම්බර් 21 වන දින පෙරවරු 9.30 සිට 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.

මෙම අන්තර්ජාල සැසිය (Webinar)ඔස්සේ පලතුරු සහ එළවළුඅංශයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින්හට ජාත්‍යන්තර වෙළඳපොළ තුල පවතින අවස්ථා පිළිබඳ අවබෝධය ලබාදීමට අදහස් කෙරේ.

එහිදී මෙම ක්ෂේත්‍රයේ ගෝලීය වෙළඳපල සහ ප්‍රවණතා, වත්මන් අපනයන වෙළඳපළ සංයුතිය හා දිශානතිය, වෙළඳපොළ තරඟකාරිත්වය, අපනයන වෙළඳපොළට පිවිසීමේදීසපුරාලිය යුතු අවශ්‍යතා ආදී මාතෘකාවන් පිළිබද අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශය මඟින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එම අංශයේ  අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය සපයන්නේ අපනයන කෘෂිකර්ම අංශයේ සහකාර අධ්‍යක්ෂිකා තිලිණි විමලගුණසේකර මහත්මිය විසිනි.

සැසිය සඳහා ලියාපදිංචි වීමේ ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීම සිදු වන අතර ලියාපදිංචි ගාස්තුව රු. 2000.00 කි. ලියාපදිංචි වීම සහ වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල වෙබ් අඩවියේ පහත සදහන් වෙබ් සබැඳිය වෙත පිවිසෙන්න. https://www.edb.gov.lk/event/exportmarketsවැඩිදුර තොරතුරු සඳහා නිපුණි මුණසිංහ, අපනයන ප්‍රවර්ධන නිලධාරිනී අමතන්න –nipuni@edb.gov.lk / Tel: 0112300716

Views: 295