හන්ටර්ස් සහ සමාගමෙන් කොටසට රුපියල් 10.00ක් බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත හන්ටර්ස් සහ සමාගම (HUNT.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගිය සිකුරාදා රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 10ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.
මෙය 2022 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවිම ලෙස සටහන්ව තිබේ.
මෙහිදී ලාභෘංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 21 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 03 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගෙම් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද හන්ටර්ස් සහ සමාගම පවසයි.
අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී හන්ටර්ස් සහ සමාගමේ කොටසක වටිනාකම රුපියල් 684.75ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 695.25ට සාපේක්ෂව රුපියල් 10.50ක එනම් 1.51%ක අඩුවීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 80