ශ්‍රී ලංකාවේ සංචරණය පිළිබඳව ස්විට්සර්ලන්තය පනවා තිබූ උපදෙස් ලිහිල් කරයි

ස්විස්ටර්ලන්තය සිය ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සංචාරය කිරිම සම්බන්ධයෙන් පනවා තිබූ සංචරණ උපදෙස් ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

පසුගිය අගෝස්තු 23 වැනිදා ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව (Federal Department of Foreign Affairs FDFA) මගින් සිය අලුත්ම යාවත්කාලීන ආරක්ෂක වාර්තාව නිකුත් කරමින් මෙම ලිහිල් කිරිම නිවේදනය කර තිබේ.

ඒ අනුව වත්මන් කටයුතු පරිච්ඡේදය (ආතති තත්ත්ව අංශය) සහ මූලික තක්සේරු පරිච්ඡේදය (තත්ත්වය පිළිබඳ විස්තරය) යාවත්කාලීන කර ඇතැයි එම දෙපාර්තමේනතුව පවසයි..

මෙලෙස ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර ඇති සංචාරක උපදෙස් යටතේ, “මෙම සංචාරක සටහන් EDA හි වත්මන් තත්ව තක්සේරුවට අනුරූප වේ. ඒවා අඛණ්ඩව පරීක්ෂා කර අවශ්‍ය පරිදි සකස් කරනු ලැබේ. කරුණාකර යාබද රට-ස්වාධීන සංචාරක තොරතුරු සහ අවධානය යොමු කරන මාතෘකා ද සටහන් කරන්න; ඔවුන් මෙම සංචාරක උපදෙස් වල කොටසකි.“ යනුවෙන් පවසා සිටියි.

වර්තමාන නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන එම දෙපාර්තනේතුව, “නොසන්සුන්තාවයක් ඇති වූ විට, රජයට රට පුරා හෝ බලපෑමට ලක් වූ ප්‍රදේශවල කෙටි කාලීන හදිසි අවස්ථා සහ/හෝ ඇඳිරි නීතිය පැනවිය හැකිය. ඔබගේ සංචාරයට පෙර සහ අතරතුර, ඔබගේ සංචාරක ක්‍රියාකරු සහ/හෝ ප්‍රාදේශීය සම්බන්ධකයෙකුගෙන් වත්මන් තත්ත්වය සහ මාධ්‍ය තුළ ඇති ඇඳිරි නීතිය ගැන සොයා බලන්න. සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන සාකච්ඡාවලින් වළකින්න. ඕනෑම ආකාරයක රැස්වීම්වලින් වළකින්න සහ පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපදින්න (ආරක්ෂක පරීක්ෂා කිරීම්, ඇඳිරි නීතිය ආදිය).“ යනුවෙන්ද සටහන්ව තිබේ.

මේ අතර ප්‍රංශයත් සිය ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සංචරණ උපදෙස් ලිහිල් කිරිමට පසුගියදා පියවර ගෙන තිබුණි.

Views: 71