පැල්වත්ත මේද රහිත කිරිපිටි මගින් ඔබට සෞඛ්‍ය සම්පන්න දිවියක්

පැල්වත්ත සමාගම දේශීයව නිෂ්පාදනය කරන ප්‍රෝටීන් ගුණයෙන් පරිපූර්ණ තවත් කිරිපිටි වර්ගයක් ‘පැල්වත්ත මේද රහිත කිරිපිටි‘ ලෙස හඳුන්වාදී තිබේ. මෙය දැනට නිපදවනු ලබන කිරි නිෂ්පාදන පෙළට අමතරව සිය පාරිභෝගිකයින් වෙත පැල්වත්ත සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන්නකි.

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සමග සංසන්දනය කරන විට පැල්වත්ත මේදය රහිත කිරිපිටි, අඩු කැලරි සංඛ්‍යාවක් සහ අඩු ‘මේද අන්තර්ගතයක්’ සහිතව බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභයන් තම පාරිභෝගිකයින්ට අත්කර දෙයි. මෙම කිරිපිටි දෙවර්ගයේ කැලරිවල වෙනස එතරම් විශාල සංඛ්‍යාවකින් නොපෙන්වුවද එතුළ වාසිදායක බලපෑම් රැසක් අන්තර්ගත වන බව සමාගම පවසයි.

“සාමාන්‍ය කිරිපිටිවලට වඩා අඩු මේදයක්, මේදය රහිත කිරිපිටිවල සහිත වන බැවින් එය සමස්ත ශරීර බර අඩු කර ගැනීම සඳහා උපකාරී වේ. ඔබ ගන්නා ආහාරවල ඇති සංතෘප්ත මේදය මගින් රුධිරයේ ඇති අහිතකර මේදය වැඩි කරන අතර, මෙම මේදය රහිත කිරිපිටි වර්ගය මගින් සෞඛ්‍යයට තදින්ම බලපානු ලබන සංතෘප්ත මේද පරිභෝජනය සීමා කිරීමට උපකාරී වේ. එහි මේදය ග්‍රෑම් 0.2 ක් සහ සංතෘප්ත මේදය ග්‍රෑම් 0.1 ක් පමණක් අඩංගු වේ.”

පැල්වත්ත සමාගමේ පර්යේෂණ හා සංවර්ධන කළමණාකාර සුනෙත් ගුණතිලක මහතා අදහස් දක්වමින්, “වෙළඳපොලේ ඇති බොහෝ ආනයනික කිරි නිෂ්පාදනවලට සාපේක්ෂව අපේ කිරි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම දේශීයව, බොහොම නැවුම්ව නිෂ්පාදනය කර තිබෙනවා.  මෙය අපි අපේ පාරිභෝගිකයන්ට පිරිනමන සුවිශේෂී වටිනාකමක්. අපේ මේදය රහිත  කිරිපිටිවල, ආනයනික කිරිපිටිවලට සමානවම ‘පෝෂක ඝනත්වයන්’ තිබෙනවා. ඒ නිසා මෙම පැල්වත්ත මේදය රහිත කිරිපිටි සමඟ ගුණාත්මකභාවයේ තවත් පියවරක් ඉදිරියට තබන්නට අපට හැකිවුණා. අවසාන වශයෙන්, සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන අපේ පාරිභෝගිකයින් සඳහා මෙය ඉතාම සුදුසු කිරි නිෂ්පාදනයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්.” පවසා සිටියි.

සැබෑම කිරි රසයෙන් යුක්ත පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල සිරුරේ බර පවත්වා ගැනීමට උපකාරී වන අවම සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු වේ. මේ තුල අස්ථි පෝෂණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් D සහ විටමින් A වැනි පෝෂ්‍ය පදාර්ථ ද සහිතය. එමෙන්ම අඩු කැලරි ප්‍රමාණයක් සමගින් වැඩි විටමින් ප්‍රමාණයක් ද අඩංගු වේ. පැල්වත්ත මේදය රහිත කිරිපිටි මගින් රුධිරයේ සීනි, කොලෙස්ටරෝල් මට්ටම්, හෘද වාහිනී ගැටළු ද අවම කරයි. මෙමගින් සිහින් මාංශ පේශින් පවත්වා ගැනීමට සහ අස්ථිවල ඝනත්වය වැඩි කරගැනීමටද උපකාරී වේ.

සෑම ග්‍රෑම් 100කටම මේදය ග්‍රෑම් 27ක් අඩංගු සම්පූර්ණ යොදය සහිත කිරිපිටි හා සසඳන විට පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල මේදය ඉතා අවමය (ග්‍රෑම් 1.5ක් පමණි). මෙම කිරිපිටි පෝෂ්‍ය පදාර්ථ රැසකින් අනූන වේ. කිරි ප්‍රෝටීන ප්‍රධාන වශයෙන් කැසීන් වලින් සමන්විත වන අතර පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල එය ග්‍රෑම් 34 ක් පමණි. මෙම ප්‍රෝටීනය, ඇමයිනෝ අම්ල සමඟ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සිරුර තුළ පවත්වා ගැනීමට උපකාරී වේ.

ලැක්ටෝස් 39g, ඛනිජ ලවණ 4.7g, විටමින් A 587.3µg , සහ විටමින් D3 400µg, ෆෝලික් අම්ලය 46µg, පොස්පරස් 0.9g , සහ සින්ක් 32.5 mg/kg  වැනි තවත් පෝෂ්‍ය පදාර්ථ රැසකින්ද පැල්වත්ත මේදය රහිත කිරිපිටි සමන්විත වේ. පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල විටමින් B එකතුවෙහි riboflavin, විටමින් B12 සහ thiamin, niacin සහ folate අඩංගු වේ. එහි සෑම ග්‍රෑම් 100 කටම 394 kcal ශක්ති ප්‍රමාණයක් සහිතය. එය පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල අඩු කැලරි සන්චිතයක් අන්තර්ගතවන බවට සාක්ෂි දරයි.

Visits: 87