කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් කම්පැනි වෙතින් රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී (CABO.N0000) සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම පවසයි.
මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2022 සැප්තැම්බර් 08 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 19 වැනිදා නම් කෙරී තිබේ.
මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ කිසිදු අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම සඳහන් කරයි.
රේනුකා සමූහ ව්‍යාපාරයට අයත් පරිපාලිත සමාගමක් වන කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇත්තේ රේනුකා ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම වෙතයි. ඒ අනුව 2022 මාර්තු 31 වැනිදා වනවිට කොටස් 4,113,356ක් එම සමාගම වෙත හිමිව ඇති අතර, එය 22.81%ක ප්‍රතිශතයකි. එසේම ලැන්කෙස්ටර් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම වෙත 22.67%ක කොටස් ප්‍රතිශතයක් හිමිය.
කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම අවසන්වරට ලාභාංශ ගෙවීමක් සිදු කර තිබුණේ 2018 සැප්තැම්බර් මාසයේදීය. එහිදී 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙස රුපියල් 1.60ක් ගෙවීම සිදුවිය.

Hits: 57