කොමර්ෂල් බැංකුවේ පුරෝගාමී ඊපාස්පොත සිංහලෙන් සහ දෙමළෙන්ද එළි දක්වයි

තවදුරටත් ඩිජිටල් බැංකුකරණ පුරුදු දිරිමත් කරමින් පාරිභෝගිකයින්ගේ අත්දැකීම වර්ධනය කිරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකාවේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ඊපාස්පොත’ ඉංග‍්‍රීසි භාෂාවට අමතරව සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ක‍්‍රියාත්මක කළ හැකි යැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

මෙම ඇප් පහසුකමට කර තිබෙන මෙම වැඩිදියුණු කිරීම තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන් කැමති භාෂාවක් තෝරාගනිමින් බැංකු ගනුදෙනු බලා ගැනීමට සහ කොම්බෑන්ක් ඊපොස්පොත මගින් ලබාදෙන සියළුම සේවාවන්ට ප‍්‍රවේශ වීමට හැකියාව ලැබී තිබේ.

කොමර්ෂල් බැංකුවේ ඊපාස්පොත භාෂා ත‍්‍රිත්වයටම හැරවීම තුළින් බැංකුවේ සියළුම පාරිභෝගික අංශ වලට ඩිජිටල් බැංකු කටයුතු වලට ගමන් කරමින් ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීමට පිටිවහලක් වන බව බැංකුව සඳහන් කරයි.

2020 වසරේදී කොම්බෑන්ක් ඊපස්පොත, ස්වයං ලියාපදිංචිවීමේ හැකියාව, තත්කාලීන ගනුදෙනු දැනුම්දීම සහ රහස් වචනය ටයිප් නොකර මුහුණු හඳුනාගැනීම සහ ඇඟිලි සලකුණ ඇතුළත් කරමින් වැඩිදියුණු කරන ලදී. ස්වයං ලියාපදිංචි පහසුකම හඳුන්වාදීමත් සමඟ මාස 06 ක් ඇතුළත 150,000 කට වැඩි ප‍්‍රමාණයක් මෙම ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කර තිබේ. කොම්බෑන්ක් ඊපාස්පොත භාවිතා කරන ගනුදෙනුකරුවන් රටවල් 200 කට වැඩි ප‍්‍රමාණයක සිටින අතර සාමාන්‍යයෙන් මිනිත්තු 30 ක් ඇතුළත සක‍්‍රීය ගනුදෙනුකරුවන් 10,000 කට වැඩි ප‍්‍රමාණයක් මෙය භාවිතා කරන අතර මේ වනවිට මිලියනයකට වැඩි ගනුදෙනුකරුවන් ප‍්‍රමාණයක් ඊපාස්පොත සඳහා ලියාපදිංචි වී ඇත.   

මෙම ජංගම දුරකතන ඇප් පහසුකම මගින් ඇන්ඩ්‍රොයිඞ් සහ iOS ජංගම දුරකතන භාවිතා කරමින් ඉතිරි කිරීම්, ජංගම, NRFC, RFC ගිණුම් සහ ක්‍රෙඩිට් කාඞ් තොරතුරු සඳහා ප‍්‍රවේශවීමට අවස්ථාව ලබාදෙන අතර ගිණුම් හිමියා විසින් ලියාංපදිංචි වී ඇති බහු ගිණුම් එක් ස්ථානයක තබා ගනිමින් අවශ්‍ය අවස්ථාවල තමන්ට කැමති ගිණුම භාවිතා කිරීමේ ඉඩකඩ ලබාදී ඇත. කොම්බෑන්ක් ඊපාස්පොත iOS ජංගම අයදුම නවතම MacBook පරිගණකයේ ඩෙස්ක්ටොප් අයදුමක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද පවතී.   

Views: 73