නිමල් පෙරේරා PGP GLASS CEYLON හි නවවැනි විශාලතම කොටස්හිමිකරුවා වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත PGP GLASS CEYLON PLC (GLAS.N0000) සමාගමෙහි මුල් කොටස් හිමිකරුවන් අතරින් 09 වැනියා බව එම සමාගම පවසයි.

ඊයේ දිනයේදී එම සමාගම මගින් ප්‍රසිද්ධියට පත් කෙරුණු 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව තුළ මේ බව සඳහන්ව තිබේ.

ඒ අනුව 2022 මාර්තු 31 වැනිදා වන විට නිමල් පෙරේරා මහතා සතුව PGP GLASS CEYLON PLC සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 1,429,721ක් සතුව පවතින බවත් එය සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 0.15%ක් බවත් එහි සඳහන්ව තිබේ.

පසුගිය වසරේ මාර්තු 31 වැනිදා වන විට නිමල් පෙරේරා මහතා සතුව එම සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොපැවතුණි.

මීට පෙර පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී ලෙස හැඳින්වුණු මෙම සමාගම ඉන්දියාවේ මුම්බායි නුවර PGP GLASS සමාගම මගින් අත්පත් කරගැනීමෙන් අනතුරුව මෙලෙස PGP GLASS CEYLON PLC ලෙස වෙනස් විය.

2022 මාර්තු 31 වැනිදා වනවිට සමාගමෙහි විශාලතම කොටස් හිමිකරුවා ලෙස PGP Glass (පෞද්) සමාගම / Deutsche Bank කොළඹ ශාඛාව / සිංගප්පූරුවේ DB International Trust නම් ව තිබේ. එම එකතුව සතු කොටස් හිමිකාරීත්වය කොටස් 747,236,631ක් වන අතර එය 78.05%ක ප්‍රතිශතයකි.

Visits: 647