කෝපරේටිව් ඉන්ෂූවරන්ස් පී.එල්.සී 2022 පළමු කාර්තුවේදී 31%ක ශක්තිමත් වර්ධනයක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන කෝපරේටිව් ඉන්ෂූවරන්ස් පී.එල්.සී (CICPLC)  පසුගියදා සිය 2022 මූල්‍ය වර්ෂයෙහි පළමු කාර්තුවේ මූල්‍ය කාර්යසාධනය නිකුත් කිරීමට පියවර ගත්තේය.

එම ප්‍ර‍තිඵලයන්ට අනුව අභීයෝගාත්මක සාර්ව ආර්ථික අර්බුදයන් මධ්‍යයේ වූවද රක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ඉදිරි පිම්මක් සමගින් පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සමග සැසඳීමේදී 31% සුවිශේෂී වර්ධනයක් සනිටුහන් කිරීමට සමාගම සමත්ව සිටියි.

කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම 2022 මූල්‍ය වර්ෂයෙහි පළමු කාර්තුවේදී සිය ශුද්ධ වාරික ආදායම 35%කින් වර්ධනය කර ගැනීමට සමත් වූ අතර රක්ෂණ ක්ෂේත්‍රයේ සිය වෙළෙඳපොළ ආධිපත්‍ය තවත් 5%කින් වැඩිකර ගැනීමට සමත් විය.

මෙම වර්ධනය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ සෙසු තරගකරුවන් අතර ඉහලම වර්ධනයක් සහිත සාමාන්‍ය රක්ෂණ සමාගම බවට පත් ව ඇත.

කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම පෙර වසරේ මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සිය ආයෝජනයන් සැලකි යුතු ප්‍රතිශතයකින් වැඩි කළ අතර මෙමගින් සමාගමේ සමස්ත වත්කම් සංචිතය 21%කින් වර්ධනය කර ගැනීමට හැකි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෝපරේටිව් ඉන්ෂූවරන්ස් හි සභාපති සුසිල් වීරසේකර මහතා, “මෙම වර්ෂයෙහි පළමු කාර්තුව තුළ අපගේ අධිෂ්ඨානශීලී කැපවීම සියලු පාර්ෂවකරුවන්ට පෙන්වාදෙමින් රක්ෂණ ව්‍යාපරය තුළ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කිරීමටත්, සේවා විවිධාංගීකරණයත්, තිරසාර ව්‍යාපාරික දැක්මකින් පාරිභෝගික විශ්වාසය එලෙසම රඳවා ගන්නට හැකි වුණා. පසුගිය මූල්‍ය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු මූල්‍ය කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් ලබා ගන්නට සමත් වූ අතර ආර්ථිකය තුළ පැවති අවිනිශ්චිත ස්වභාවය, නොවැලැක්විය හැකි රට වසා තැබීම් ඇතුළුව විවිධ අභියෝග මධ්‍යයෙහි මෙම ජයග්‍රහනය ලබා ගැනීමට හැකි වීම පිළිබඳව මගේ ප්‍රණාමය සමස්ත සේවක මඩුල්ලට හා අපගේ ලබැඳි පාරිභෝගිකවතුන් වෙත පිරිනැමීමට කැමතියි.” යනුවෙන් පැවසීය.

සමාගමේ ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වය මත සිය වර්ධයෙහි ප්‍රතිලාභ කොටස්හිමියන් අතර බෙදා ගැනීමට ද කෝපරේටිව් ඉන්ෂූවරන්ස් සමාගම පියවර ගත් අතර මේ අනුව සමස්ත ලාභාංශ ලෙස රුපියල් මිලියන 280ක් කොටස් හිමියන් අතරේ බෙදා දුන් අතර පසුගිය වසරට සාපේක්ෂව කොටසක ඉපැයීම රුපියල් 0.54ක වර්ධනයක් සහිතව ලාභාංශ බෙදා දීමට සමාගමට හැකි විය.

සමාගම් සමූහයේ ඒකාබද්ධ ලාභය 2021 වසරේදී 16.5%කින් වර්ධනය කර ගනිමින් රුපියල් මිලියන 810ක් ලෙස වාර්තා වූ අතර එය 2020 වසරේදී දැක්වුනේ රුපියල් මිලියන 695ක් ලෙසටය. මෙම වර්ධනය සඳහා සමූහයට අයත් කෝප්ලයිෆ් හි 301%ක ලාභදායීත්වයෙහි වර්ධනය ද අයත් වූ අතර කෝපරේටිව් ඉන්ෂූවරන්ස් හි බදු පසු ලාභය රුපියල් මිලියන 631ක් ලෙස සටහන් වෙයි.

කෝපරේටිව් ඉන්ෂූවරන්ස් හි සභාපති සුසිල් වීරසේකර මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා

2021 දෙසැම්බර් 31වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ දළ රක්ෂණ වාරික ආදායම 2.7කින් වර්ධනය වූ අතර ශුද්ධ රක්ෂණ වාරික ඉපැයීම් 3.5%කින් වර්ධනය විය. එමෙන්ම මෙම කාලසීමාව තුළ සමාගම විසින් ගෙවූ හිමිකම් පියවීම් වටිනාකම රුපියල් බිලියන 2.4ක් විය.

සමාගම සිය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරික කටයුතු වලදී සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූ අතර මෝටර් රථ රක්ෂණ සේවා ක්ෂේත්‍රයෙහි රක්ෂණ වාරික ආදායම පෙර වසරට සාපේක්ෂව 41.6කින් වර්ධනය කර ගැනීමට සමත් විය. මේ අතර ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය දළ රක්ෂණ වාරික ආදායම 8.5%කින් වර්ධනය කර ගත් අතර අභියෝග හමුවේ වෙනස්වන වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට අනුව වෙනස් වෙමින් සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑමට සමත් වීම කැපී පෙනෙයි. එමෙන්ම මෝටර්රථ රක්ෂණ අංශය ආරම්භයේ සිටම සමාගමේ ප්‍රමුඛතම ව්‍යාපාරික අංශය බවට පත් ව ඇත.

කොපරේටිව් ඉන්ෂූවරන්ස් පී.එල්.සී හි කළමනාකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා අදහස් දක්වමින් “විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හවුවේ රට වසාදැමූ අවස්ථාවේ සිට අප මුහුණ දෙමින් සිටින ආර්ථික අභීයෝගය හමුවේ පාරිභෝගික මිලදී ගැනීම් ශිඝ්‍රයෙන් අඩු කෙරෙන පරිසරයක් තුළ වීම මෙම ජයග්‍රහනයෙහි සුවිශේෂී බව රැඳී ඇති බව මගේ අදහසයි. මෙම වර්ධනය සඳහා අපි විසින් භාවිතා කළ උපායමාර්ගික වෙනස්කම් බොහෝ සෙයින් බලපෑ බව කිවහැකියි”. යනුවෙන් පවසා සිටියි.

Views: 69