ලංකා අශෝක් ලේලන්ඩ් රුපියල් 10ක ලාභාංශ ගෙවීම දිනයක් ඉදිරියට
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම (ASHO.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇති දිනය වෙනස් කර ඇතැයි පවසයි. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගෙන තිබේ.
ඒ අනුව සමාගම මගින් 2022 මැයි 31 වැනිදා ප්‍රකාශයට පත් කළ ආකාරයට ලාභාංශ ගෙවීම සඳහා තීරණය කර තිබූ සැප්තැම්බර් 02 වැනිදා නොව, සැප්තැම්බර් 01 වැනිදා එම ලාභාංශ ගෙවන බව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පවසයි.
එසේම ලාභාංශ රහිත දිනයද (XD Date) අගෝස්තු 15 වැනිදා සිට අගෝස්තු 12 වැනිදා දක්වා දින තුනක් ඉදිරියට පැමිණ තිබේ.
මෙහිදී සමාගම මගින් සිය සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 10ක ලාභාංශ ගෙවීමක් සිදු කිරිමට තීරණය කර තිබුණි. මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීමද වෙයි.
මේ අතර අදාළ ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද, එම අනුමැතිය ලබා ගැනීම සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 10 වැනිදා පවත්වන බවත් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සඳහන් කරයි. මීට පෙර මෙම වාර්ෂික මහා සභා රැස්වීම අගෝස්තු 12 වැනිදාට යෙදී තිබුණි. මෙය සමාගමේ 39 වැනි වාර්ෂික මහා සභා රැස්වීමද වෙයි.

Hits: 96