ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 120ක් වෙයි

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල අද දිනයේදී ඩොලර් 120ක් දක්වා ඉහළ යාම සිදු විය. ඒ අනුව මෙය මාස දෙකකට පමණ පසුව බොරතෙල් මිල ඉහළ ගිය වැඩිම අගය ලෙසද සඳහන් වෙයි.

රුසියානු බොරතෙල් අපනයනය කිරීම් තහනම් කිරිම සම්බන්ධයෙන් යුරෝපා සංගමය එකඟතාවකට පැමිණීමේ හමුවක් අද සහ හෙට දිනයේදී පැවැත්විමට නියමිතව තිබීමත් සමගින්ම මෙලෙස බොරතෙල් මිල ඉහළ යාම සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 120ක් දක්වා 0.5%කින්ද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක් ඩොලර් 115.75ක් දක්වා 0.6%කින්ද ඉහළ ගොස් තිබේ.

Views: 101