අවම බස් ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළට

අද දිනයේදී සිදු කෙරුණු ඩීසල් මිල ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව හෙට (25) රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මෙහිදී 19.49%කින් මෙහිදී බස් ගාස්තු වැඩි කිරිමට තීරණය වී තිබේ. ඒ අනුව අවම බස්ගාස්තුව මෙතෙක් පැවැති රුපියල් 27ක සිට රුපියල් 32ක් දක්වා ඉහළ නැග තිබේ.

මෙම ගාස්තු වැඩි කිරීම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස් රථ සඳහා වන සාමාන්‍ය සේවා ගාස්තු අවස්ථා 350ක් සඳහා වන ලෙස සිදුව ඇතැයි එම කොමිෂන් සභාව පවසයි.

Views: 40