කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කොටස් CSE ලැයිස්තුගත කිරීමෙන් ඉවතට
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC.N0000) සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව කොටස් හුවමාරුව පවසයි.
එහි ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජේවර්ධන මහතා විසින්, ගනුදෙනු සමාගම් වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබේ. ඒ අනුව අද (28දා) දිනයේ සිට බලාත්මක වන පරිදි මෙම ඉවත් කිරීම සිදු කෙරෙන බව එහි සඳහන්ව ඇත.
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කරමින් ඉදිරියේදී LOLC ෆිනෑන්ස් පීඑල්සී ලෙස පමණක් එම සමාගම පවත්වාගෙන යාමට තීරණය කිරීම මෙලෙස එම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීමට හේතුව වී තිබේ.
මේ අතර පසුගියදා සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී අතර සිදු වූ ඒකාබද්ධයෙන් පසුව සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් (SFL.N0000) සහ මනාප කොටස් (SFL.P0000)

Hits: 269