කොමර්ෂල් බැංකුවේ WhatsApp සහ Viber බැංකුකරණ සේවා දැන් භාෂා ත්‍රිත්වයෙන්ම

සමාජ ජාල බැංකුකරණ සේවා මුලින්ම ලබාදුන් දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පළමු වරට WhatsApp සහ Viber බැංකුකරණ සේවා භාෂා ති‍්‍රත්වයෙන්ම ලබාදීම ආරම්භ කර තිබේ.  

මෙම සේවා භාවිතා කරන කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට දැන් තමන් කැමති භාෂාවක් මගින් ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, ගිණුමේ ඉතිහාසය බලාගැනීම, චෙක්පොත් ඉල්ලීම්, පොලී අනුපාත තොරතුරු දැනගැනීම, කොම්බෑන්ක් ඩිජිටල් හි ලියාපදිංචි වීම සහ අලූත් ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුමක් විවෘත කිරීම සිදුකළ හැකිවේ. මෙම සේවාවන් ලබාගැනීමට ගනුදෙනුකරුවන් පිවිසෙන අවස්ථාවල සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවන් අතුරින් තමන් කැමති භාෂාව තෝරාගැනීමට අවකාශය ලබාදී ඇති බව බැංකුව සඳහන් කරයි.  

කොමර්ෂල් බැංකුවට මේ වනවිටත් ත‍්‍රිත්ව භාෂා නිළ වෙබ් අඩවියක් තිබෙන අතර දුරකතන ඇමතුම්, ලිඛිත සන්නිවේදන කටයුතු, පාරිභෝගික ඉල්ලීම් සහ පාරිභෝගික ප‍්‍රතිචාර හසුරුවන පාරිභෝගික සේවා නියෝජිතයින්ගෙන් සමන්විත ත්‍රෛයිභාෂික ඒකාබද්ධ ඇමතුම් මධ්‍යස්ථානයක් තිබේ. 

Visits: 57