සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වෙතින් ශත 50ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (SDF.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 50ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මැයි 26 වැනිදා ලෙස ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) මැයි 05 වැනිදා ලෙස නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන්වරට සිදු වුණු පසුගිය අප්‍රේල් 08 වැනිදා දිනය නිමාවේදී සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 12.00ක් ලෙස සටහන් විය. එය ඊට පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 14.80ට සාපේක්ෂව රුපියල් 2.80ක එනම් 18.92%ක පහත වැටීමකි.

Views: 67