LankaPay Technnovation සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවේ ATM ජාලයට රන් සම්මානය

ශ‍්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය හිමි කරගෙන තිබේ. 

පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් සිදුකළ ගනුදෙනු ප‍්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු ප‍්‍රමාණයකට පහසුකම් සැපයීම සහ ටෙලර් යන්ත‍්‍ර ජාලය කි‍්‍රයාවිරහිත වූ කාලය අඩුම අගයකට පවත්වා ගැනීම ඇතුළු කරුණු බැංකුවට මෙම රන් සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට බඳුන් කර තිබේ. කොමර්ෂල් බැංකුවේ සමස්ත ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය මගින් ලංකාපේ කාඞ්පත් පිළිගන්නා අතර මෙම ජාලය පොදු ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතියටද (CAS) සම්බන්ධ කර ඇත. 

මීට අමතරව, මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුව විසින් රිදී සම්මාන තුනක් සහ කුසලතා සම්මානයක්ද දිනා ගන්නා ලදි.

EMV (Europay, Mastercard and Visa) ඒකාබද්ධ තාක්ෂණය භාවිතා කරමින් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු අත්පත් කරගැනීම සහ සැකසීම සඳහා සිය සමස්ත ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය යොමුකළ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර ලංකාපේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය ඔස්සේ ඉතාමත් සුරක්ෂිතව ගනුදෙනු කිරීමට EMV ගනුදෙනු සිය කාඞ්පත් පදනමට හඳුන්වාදුන් පළමු බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. මේ තුළින් ලංකාපේ ජාලයේ තිබෙන අනිකුත් බැංකුවල ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ ඉතාමත් සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීමේ අවස්ථාව කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් පත් හිමියන්ට ලැබී ඇත. 

Views: 36