සුවිශේෂී තෑගි රැසක් සමගින් VIVO වෙතින් “අවුරුදු වාසි”

vivo අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 6 සිට අප්‍රේල් 14 දක්වා සිය “අවුරුදු වාසි” ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඩිජිටල් අවුරුදු ක්‍රීඩා වලට සහභාගී වීම මගින් සියලු දෙනාට සුවිශේෂී තෑගි දිනාගැනීමට මින් අවස්ථාව උදා වනු ඇත.

සම්ප්‍රදායික අවුරදු ක්‍රීඩා රැසක් සමගින් මෙම උත්සව සමය ශ්‍රී ලාංකිකයින් සමඟ සැමරීමට vivoසැදී පැහැදී සිටී. vivo හි සමාජ මාධ්‍ය නාලිකා හරහා මෙම තරඟ සඳහා සහභාගී විය හැකි අතර මෙම අවුරුදු සමයේ එකමුතුකම සහ පවුලේ බැදීම වැඩි දියුණු වන ආකාරයේ විනෝදජනක ක්‍රියාකාරකම් රැසක් මෙයට ඇතුලත් වේ.

නව ආරම්භයක් සංකේතවත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ වන අතර ටී-ෂර්ට්, කුඩ, බැක්පැක් සහ අනෙකුත් වටිනා භාණ්ඩ වැනි සුවිශේෂී තෑගි සමගින් සිය පවුලේ සාමාජිකයින් සතුටු කිරීමට Vivo විසින් සිය පාරිභෝගිකයන්ට කදිම අවස්ථාවක් ලබා දේ. සිය සතුටුම අවස්ථාවන් Vivo සමග බෙදාගන්නා පවුල් අතරින් තෝරාගත් වාසනාවන්ත පවුල් සඳහා වටිනා තෑගි වවුචර දිනා ගැනීමට අවස්ථාවක් ද හිමිවේ. ශ්‍රී ලංකාව තුල අවුරදු සැමරුම් සංකේතවත් කිරීමට මෙම වැඩසටහන කදිම අවස්ථාවක් වනු ඇත.

vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින්ජියෑoමහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය ” ශ්‍රී ලංකාව තුල වර්තමානයේපවතිනවාතාවරණය තුල vivoඅපි ශක්තිමත් ලෙස අපේ පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. පාරිභෝගිකයන්ට කුමන හෝ ආකාරයකින් සතුටක් ලබා දීමේ අරමුණින් අපි මෙම “අවුරුදු වාසි”වැඩසටහන පවත්වනවා. මෙම වැඩසටහන අපගේසමාජ මාධ්‍ය නාලිකා හරහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට කෘතගුණ සැලකීමේ සංකේතයක් සහ අප සැමදා  ඔවුන් සමඟ සිටින බව ප්‍රකාශ කිරීමේ සංකේතයක් ලෙස මම සලකනවා”

මෙම වැඩසටහන, අවුරුදු ක්‍රීඩා සහ vivo නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා vivo Sri Lanka නිල වෙබ් අඩවිය සහ vivo හි නිල Facebook පිටුව පරීක්ෂා කරන්න.

Views: 38