අප්‍රේල් 11 සහ 12 කොළඹ කොටස් හුවමාරුවට නිවාඩු
ලබන අප්‍රේල් 11 සහ 12 දෙදින කොළඹ කොටස් හුවමාරුව වෙත නිවාඩු දින ලෙස ක්‍රියාත්මක වන බව පවසයි. ඒ අනුව එම දින දෙක තුළදී වෙළෙඳ පොළ ගනුදෙනු සිදු නොකරන බව දැනුම් දී සිටියි.
අප්‍රේල් 13 සහ 14 වැනිදාට යෙදෙන සිංහල දෙමළ නව අවුරුද්ද හේතුවෙන් රජය මගින් අප්‍රේල් 11 සහ 12 දින දෙක සඳහා ප්‍රකාශයට පත් කරන ලද රජයේ නිවාඩු හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් හුවමාරුව දැනුම් දී සිටියි.
එසේම ලබන අප්‍රේල් 15 වැනි සිකුරාදා දිනයට යෙදී ඇති මහ සිකුරාදා දිනය හේතුවෙන් එම දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු නොවෙයි.
ඒ අනුව කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යළිත් ආරම්භ වන්නේ ලබන 18 වැනි සඳුදා දිනයේදීය.

Hits: 151