CLC හා LOLC ෆිනෑන්ස් ඒකාබද්ධ වෙයි – LOLC ෆිනෑන්ස් නව සභාපති කොන්රාඩ් ඩයස්
LOLC සමූහයට අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම සහ LOLC ෆිනෑන්ස් පීඑල්සී යන මූල්‍ය සමාගම් දෙක ඒකාබද්ධ කිරීම ඊයේ (2022 මාර්තු 31) දිනයේ සිට ක්‍රියාත්මක බව එම සමාගම් සඳහන් කරයි.
ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම් මේ බව පවසා සිටියි. බැංකු නොවන මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකු සැලසුම් අනුව මෙම කටයුතු සිදුව තිබේ. මීට පෙර සිංහපුත්‍ර පීඑල්සී සමාගම සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් ඒකාබද්ධ කිරීම සිදුවිය.
අනතුරුව මෙලෙස කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ LOLC ෆිනෑන්ස් ඒකාබද්ධ කිරීම සිදු විය. ඒ අනුව මින් ඉදිරියට LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම යටතේ ඉදිරි ව්‍යාපාරික මෙහෙයුම්සිදු කිරිම සැලසුම වී තිබේ.
මේ අතර ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි LOLC ෆිනෑන්ස් පීඑල්සී සභාපතිවරයා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ වෙනසක්ද සිදුව තිබේ.
එහිදී LOLC ෆිනෑන්සි පීඑල්සී නව සභාපතිවරයා ලෙස LOLC සමූහයේ කොන්රාඩ් ඩයස් මහතා පත් කෙරී තිබේ. එම ධුරයට පත්වන විට ඒ මහතා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරමින් සිටියේය. LOLC ෆිනෑන්සි පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බ්‍රින්ඩ්ලේ ඩි සිල්වා මහතා එම ධුරයෙන් ඉවත්ව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු බවට පත්ව තිබේ. එසේම කොන්රාඩ් ඩයස් මහතාගේ උසස්වීමත් සමගින්ම හිස් වුණු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය සඳහා ක්‍රිෂාන් තිලකරත්න මහතා පත් කෙරී ඇත.
ඒ අනුව 2022 මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙද LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ, කොන්රාඩ් ඩයස් මහතා (සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ), ක්‍රිෂාන් තිලකරත්න (අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී), කේ.යූ. අමරසිංහ (විධායක අධ්‍යක්ෂිකා), බ්‍රින්ඩ්ලේ ඩි සිල්වා (විධායක නොවන අධ්‍යක්ෂ), පී.ඒ. විජේරත්න (ජ්‍යෙෂ්ට ස්වාධීන අධ්‍යක්ෂ) සහ කේ. සුන්දරරාජ් (ස්වාධීන අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මින්ය.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 446