නවලෝක රෝහල් සමූහයට අයත් Nawaloka Elite Centre විවෘත කරයි

ජාත්‍යන්තර මට්ටමේ සුවසේවා පිරිනැමීම තවදුරටත් ඉහළ නංවමින් පුරෝගාමී පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල්, සමූහය ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත උසස් රෝග නිවාරණ විසඳුම් පිළිබඳ පුළුල් සේවා ජාලයක් පිරිනැමීම සඳහා නවලෝක එලිට් සුව සේවා මධ්‍යස්ථානය Nawaloka Elite Centre පසුගියදා දියත් කරන ලදි.

දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මාවතේ අංක 23, කොළඹ 02 දරණ ස්ථානයේ පිහිටි නවලෝක විශේෂඥ මධ්‍යස්ථානයේ 10 වැනි මහලේ මෙම පෞද්ගලික, සුඛෝපභෝගී සෞඛ්‍ය මධ්‍යස්ථානය පිහිටා ඇති අතර ගනුදෙනුකරුවන්ට එහි සේවා දැන් ලබාගත හැකිය.

”යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා රෝග වැළැක්වීම සහ රෝග කල්තියා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන අතර ප‍්‍රාථමික සත්කාරයේ ඇති වැදගත්කම විශේෂයෙන් මේ අවස්ථාවේ දී අවතක්සේරු කරන්න බැහැ. රෝගීන්ට ඉහළ අවධානයක් ලබා දෙමින් ඒ සම්බන්ධයෙන්ම වෙන්වූ සුවිශේෂී සායනික සත්කාරයන්, ස්ථාපිත කර ඇති නවලෝක එලයිට් මධ්‍යස්ථානය Nawaloka Elite Centre හරහා අපගේ වෛද්‍ය සේවා පිරිනැමීම පුළුල් කර ඇත්තේ නවීන වෛද්‍ය විද්‍යාවේ සහ විකල්පයන්හි හොඳම දේ ඒකාබද්ධ කරමින්. මෙවැනි සුවතා මධ්‍යස්ථානයක දොරටු විවර කර ගැනීමට හැකිවීම පිළිබඳව අප සතුටට පත්වෙනවා. අපගේ රෝගීන්ගේ යහපැවැත්ම කෙරෙහි සැබෑ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට උපකාර කිරීම සඳහා පහසු, එක් එක් පුද්ගලයින්ට වෙන් වූ සේවාවක් මෙම මධ්‍යස්ථානය හරහා බෙදා හරිනු ලබනවා.” යනුවෙන් නවලෝක රෝහල් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසුවේය.

නවලෝක එලයිට් මධ්‍යස්ථානය Nawaloka Elite Centre පුළුල් පරාසයක විහිදුනු  රෝග විනිශ්චය, ප‍්‍රතිකාර සහ සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් පිරිනැමීමට සම්පුර්ණයෙන්ම සුදානම් වී ඇති අතර එය පිළිගත් උපදේශකයින් සහ ඉහළ පුහුණුව ලත් පළපුරුදු හෙද කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ඔබට සේවා සපයයි. මෙම මධ්‍යස්ථානයේOPD උපදේශන සහ චැනලින් සේවා ඇති අතර එය පහසුව සහ උපරිම පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා පූර්ව වෙන්කරවා ගත හැකිය. මෙහි පූර්ණ ක‍්‍රියාකාරී රසායනාගාරයක් සහ නවතම රෝග විනිශ්චය මෙවලම් ද ඇත.

Nawaloka Elite Centre වෙතින් ඔබ වෙත සලසන සේවා අතර රූපලාවන්‍ය විසඳුම් සහ සම රැකවරණය සහ ආලේපන, ඖෂධ, මව සහ ළදරු රැකවරණය, දන්ත සත්කාර, අක්මා රැකවරණය, පාද රැකවරණය, රූමැටික් සහ ක‍්‍රීඩා වෛද්‍ය සේවා, වෛද්‍ය යෝග්‍යතා සහ පුද්ගලික පුහුණුව, දියවැඩියා කළමනාකරණය, මානසික පුනරුත්ථාපනය සහ OPD යන සේවාවන් ඇතුළත් වේ. තවද, අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන්, X-rays, රසායනාගාර සේවා, ඊසීජී පරීක්ෂණ, ට‍්‍රඬේමිල් පරීක්ෂණ සහ පෙනහළු ක‍්‍රියාකාරී පරීක්ෂණ වැනි රෝග විනිශ්චය සේවා ලබා ගත හැකි අතර audiometry සහ hydrotherapy වැනි ඉහළම ප‍්‍රතිකාර විසඳුම් මඟින් රෝගීන්ට ඔවුන්ගේ සියලූම පරීක්ෂණ සහ ප‍්‍රතිකාර එකම මධ්‍යස්ථානයකින් සිදු කිරීමට අවස්ථාව උදාකර ඇත.

පාරිභෝගිකයින්ට අංගසම්පූර්ණ, ඉහළ මට්ටමේ රුපලාවන්‍ය ඒකකයකින් ද මෙම මධ්‍යස්ථානය සමන්විතෙ ප‍්‍රභූ මධ්‍යස්ථානය විවිධ පැතිවලින් සුවතා ගැටලූ විසඳීමට සූදානම් වේ. සියලූම හමුවීම් කලින් වෙන්කරවා ගත් පදනමක් මත සිදුවන අතර එක් උපදේශකයෙකුට සීමිත වෙන්කරවා ගැනීම් ඇති නිසා කරදරයකින් තොර සෞඛ්‍ය සේවා අත්දැකීමක් සහතික කරයි.

Visits: 126