ලංකා මිල්ක් ෆුඩ්ස් වෙතින් කොටසකට රුපියල් 5ක් බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී (LMF.N0000) සමාගම මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5ක් බැගින් ලාභාංශ ගෙවිම සිදු කරන බව ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම පවසයි.
මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 30 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම පවසයි.
මේ අතර ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලංකා මිල්ක් ෆුඩ්ස් (CWE) පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 160.25ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ පැවැති වටිනාකම වූ රුපියල් 159.00ට සාපේක්ෂව රුපියල් 1.25ක එනම් 0.79%ක ඉහළ යාමකි.
ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට අයත් වෙයි. සමාගම මගින් ලක්ස්ප්‍රේ, අඹේවෙල, ඩේලි, මයි ජූසි සහ බ්ලූ යන වෙළෙඳ නාම යටතේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ පාන වර්ග වෙළෙඳ පොළට නිකුත් කරයි.

Hits: 157