හේලිස් පීඑල්සී වෙතින් රුපියල් 4 බැගින් ලාභාංශ ගෙවිමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලිස් පීඑල්සී සමාගම (HAYL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 4ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව හේලීස් පීඑල්සී සමාගම පවසයි.
මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 11 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 28 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් හේලීස් සමාගම පවසයි.
මෙම ලාභාංශ නිවේදනයත් සමගින්ම අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදීම හේලීස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 2කින් ඉහළ යාම සිදු විය. ඒ අනුව අද පෙරවරු 10.40 වන විට හේලීස් කොටසක් රුපියල් 99.00ක් ලෙස සටහන්ව තිබූ අතර, ඊයේ දිනය නිමාවේදී එය රුපියල් 97.00ක් විය.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 191