කොමර්ෂල් බැංකු කොටස් හිමිකරුවන්ට රු.බිලියන 3.6ක් වටිනා කොටස් ලාභාංශ ගෙවිමක්
කොමර්ෂල් බැංකුවෙහි ඡන්ද හිමි (COMB.N0000) සහ නිෂ්ඡන්ද (COMB.X0000) කොටස්හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ ගෙවිමක් සිදු කරන බව බැංකුව පවසයි. පසුගියදා රැස්වුණු බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ පිළිබඳ අවසන් තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව කොමර්ෂල් බැංකුව මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 29.3ක් (26.2999997614ක්) සඳහාම අලුතින් එක් කොටසක් හිමිවන ලෙස සහ සෑම නිෂ්ඡන්ද කොටස් 24.90ක් (24.9000015709ක්) සඳහාම අලුතින් එක් කොටසක් හිමිවන ලෙස මෙම කොටස් ලාභාංශ ගෙවිම සිදුවන බව බැංකුව පවසයි.
මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවිම බවද කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
ඒ අනුව බැංකුව මගින් නිකුත් කරන සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 4,275,5914ක් වන අතර නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාව 2,800,834කි.
මෙහිදී ඡන්ද හිමි කොටසක් රුපියල් 78.90ක් ලෙස මිල කෙරී ඇති අතර, නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 74.70ක් ලෙස මිල කෙරී තිබේ.
ඒ අනුව මෙම සමස්ත කොටස් ලාභාංශ ගෙවීමේ වටිනාකම රුපියල් බිලියන 3.6ක් (3,582,663,897.00ක්) වන බවත් කොමර්ෂල් බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවට අනුව මෙම ලාභාංශ ගෙවීමේ දිනය ලෙස අප්‍රේල් 11 වැනිදා ප්‍රකාශ කෙරී තිබේ. එසේම ලාභාංශ රහිත දිනය (XD Date) මාර්තු 31 වැනිදා නම් කෙරී ඇත.
මේ අතර මෙම කොටස් ලාභාංශ ගෙවීමේ තීන්දුව සම්බන්ධයෙන් බැංකුවෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද හිමිවිය යුතුව ඇත. ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම මාර්තු 30 වැනිදා පැවැත්වෙන බවත් බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුව සඳහන් කරන ආකාරයට අද වන විට බැංකුවෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 54.5ක් (54,566,954,752.60ක්) ලෙස සටහන්ව ඇත.
ඒ අනුව මෙම කොටස් ලාභාංශ ගෙවීමත් සමගින්ම සමාගමේ ප්‍රාග්ධනය වෙත මෙම රුපියල් බිලියන 3.6ක වටිනාකම අලුතින් එක් වන බවත් කොමර්ෂල් බැංකුව පවසයි.

Hits: 196