රෝයල් සෙරමික්ස් වෙතින් රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම (RCL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.
මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 31 වැනිදා ප්‍රකාශකෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 14 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන්වරට සිදුවුණු ඊයේ දිනයේදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 57.00ක් ලෙස සටහන්ව තිබුණි.එය පෙර දිනයේදී පැවැති කොටසක වටිනාම වූ රුපියල් 59.50ට සාපේක්ෂව රුපියල් 2.50කින් එනම් -4.20%කින් එම වටිනාකම් පහත වැටීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 136