ජනවාරි 18 බැදුම්කරය ගෙවීම නුවණට හුරුද?

2022 ජනවාරි 18 වන දිනට කල් පිරෙන ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම සදහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක් වෙන්කර ඇති බව, මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයක සදහන් වී තිබේ.

කෙසේ වෙතත් මෙය හේතු දෙකක් නිසා ​දුර දිග නොබැ​ලූ පියවරක් ලෙස දැක්වීමට හැකි බව ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ශාන්ත දේව්රාජන් මහතා පවසයි. ඒ මහතා මීට පෙර ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ (දකුණු ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව) ලෙසද කටයුතු කර තිබේ.

පළමුව, ශ්‍රී ලංකාව උග්‍ර විදේශ විනිමය හිඟයකට මුහුන දෙමින් සිටී – මිනිසුන් ආහාර පිසීම සඳහා අවශ්‍ය LP ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල සිටී;  කිරි පි​ටි නැත; ආහාර මිල වේගයෙන් ඉහළ යයි; විදුලි කප්පාදු බහුලව සිදු වේ. මෙම ඩොලර් මිලියන 500 ජනතාව වෙනුවෙන්, විශේෂයෙන්ම දුප්පත් මිනිසුන් සඳහා භාවිතා කිරීම තුලින් ඔවන්ගේ දරුවන්ට හා ඔවුන්ට අවශ්‍ය ආහාර මිලදී ගැනීමට සහ පිසීමට හැකියාවක් ලැබෙනු ඇත. නමුත් ඒ වෙනුවට ආණ්ඩු​ව තෝරාගෙන ඇත්තේ බැඳුම්කර හිමියන්ට ණය ආපසු ගෙවීම මිස, දුප්පත් ජනතාවගේ මුලික අවශ්‍යතා සලසා දීම නොවේ.

දෙවනුව, ශ්‍රී ලංකාවේ ණය දරාගත නොහැකි අන්දමට බැරෑරුම් වී ඇත. කල් පිරෙන බැඳුම්කරය සම්පූර්ණයෙන්ම අද දිනයේ ආපසු ගෙවීමෙන් එහි කිසිදු වෙනසක් සිදු නොවේ. එය නුදුරු අනාගතයේ දී රට සම්බන්ධීකරණය නොකළ ණය පැහැර හැරීම්  අත්විඳීමට හැකි අවස්ථාව වැඩි කරයි. මෙවැනි තත්ත්වයක් තුළ රට බැදුම්කර බිල්ප​ත් ගෙවීම නවත්වන්නේ එයට නොහැකි නිසාවෙනි. එවැනි නියමාකාරයෙන් කළමනාකරණය නොකළ ණය පැහැර හැරීමේ ප්‍රතිවිපාක විනාශකාරී විය හැකිය.

ශ්‍රී ලංකාව ගම​න් කල ආර්ථික මාර්ගය​ට සමාන ලක්ෂණ පෙන්නුම් කරන අනෙ​ක් රට වනුයේ ලෙබනන​ය වන අතර (සිවිල් යුද්ධයේ ඉතිහාසය, සමාජ බෙදීම්, සංචාරක හා ප්‍රේෂණ මත යැපීම, අක්‍රිය රාජ්‍ය ව්‍යවසායන්, දුෂණය) ඔවුන්​ගේ ආනයන 40% කින් සංකෝචනය වී ඇත. දළ දේශීය නිෂ්පාදිතය වසරක් තුළ 20% කින් පහත වැටුණි, උද්ධමනය 150% දක්වා ඉහළ ගිය අතර මුදල් ඒකකය 130% කින් අවප්‍රමාණය විය. සමාජ ප්‍රචණ්ඩත්වය නැවත බෙයිරූට්හි වීදිවලට පැමිණියේය.

මේ සදහා විකල්පයක් පවතී. ශ්‍රී ලංකාව කල් ඇතු​ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින්  ණය තිරසාර ලෙස කලමනාකරණය, බහුපාර්ශ්වික ආයතනවලින් ලැබෙන නව සම්පත් සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලට නැවත සම්බන්ධ වීමයි.

ජැමෙයිකාව සහ යුක්රේනය වැනි රටවල් ඔවුන්ගේ ණය මට්ටම් දරාගත නොහැකි වූ විට එවැනි කළමනාකරණයක් සහිත ණ​ය පැහැර හැරීමක්(default) භාවිතා කර ඇත.

ඔවුන් සියලු දෙනාම ණය ගෙවී​ම පැහැර හැරීම කළමනාකරණය සිදු කිරීම ආරම්භ කරණු ලැබුවේ තාවකාලිකව ණය සේවාකරණ ගෙවීම් අත්හිටුවීමෙනි, ජනවාරි 18 වැනිදාට නියමිත ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයද එවැන්නකි.

සාමාන්‍යයෙන්, රජයන් IMF වෙතින් ණය පිළිබ​ද තිරසාර විශ්ලේෂණය​ක් සිදු කරන ලෙස ඉල්ලා සිටින අතර, එය රටට ආපසු ගෙවිය හැකි ණය ප්‍රමාණය පිළිබඳ අපේක්ෂාවන් ඉහළ නැංවීම​ට උපකාරී වේ. ඉන්පසුව එම රට මෙම තිරසාර තත්ත්වය තුළ ප්‍රායෝගිකව ණය අඩු කිරීමට හැකි ප්‍රමාණය තම ණය හිමියන් සමඟ සාකච්ඡා කරයි.

IMF වැඩසටහනක් තිබීම අවශ්‍ය නොවන නමුත් එය තිබීමෙන් රටේ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ප්‍රාග්ධන වෙළඳපොලවල විශ්වාසය ගොඩනඟා ගැනීමට උපකාරී වන අතරම ඒ තුළින්  IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ වෙනත් අයගෙන් නව සම්පත් ලබා ගැනීමට අවශ්‍ය මාර්ගය සැකසෙනු ලබයි.

බොහෝ රටවල, සාකච්ඡාවන් මාස හයකින් පමණ අවසන් වන අතර රටේ ණය ශ්‍රේණිගත කිරීම කලින් තිබූ වෙළදපොළ මූල්‍ය මට්ටම් දක්වා​ම වර්ධනය වේ. නිදසුනක් වශයෙන්, ජැමෙයිකාව කලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ආරම්භ කර මාස නවයකට පසු ඔවුන් ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කළ අතර ඒ සදහා අධික ඉල්ලුමක් පැවතිය.

කලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පහසු කාරනාවක් නොවේ. රටේ ණය ශ්‍රේණිගත කිරීම නැවත සාමාන්‍ය වීමට පෙර තවත් පහත වැටිය හැක. ශ්‍රී ලංකාව කිසිදා ණය ගෙවීම් පැහැර හැරීමක් සිදු කර නොමැති බැවින්, එහි කීර්ති නාමයට හානි සිදුවනු ඇතැයි ඇතැමුන් කනස්සල්ලට පත්ව සිටියි.

නමුත් අද, CC හි ණය ශ්‍රේණිගත කිරීමකින්, වසර එකහමාරක් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ප්‍රවේශය නොමැතිව, සහ සමාන්තර වෙළඳපල වාරිකය ඉහළ යාමෙන්, ණය පැහැර හැරීමක ලක්ෂණ ශ්‍රී ලංකාව පෙන්නුම් කර​යි. සියලුදෙනාම බලාපොරොත්තු වෙන්නේ රට ණය පැහැර හැරීමේ තත්ත්වයකට යන බවයි. ප්‍රශ්නය වන්නේ එය කළමනාකරණය කරන්නේ කෙසේද යන්නයි.

ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිපූරණය අත්හිටුවීමෙන් සහ පූර්වගාමී ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට අවතීර්ණ වීමෙන්, ශ්‍රී ලංකාව බරපතල ප්‍රතිවිපාක දෙකක් මග හරිනු ලබයි. පළමුව සම්බන්ධීකරණය නොකළ ණය පැහැර හැරීම, දෙවනුව විදේශ විනිමය හිඟයක අඛණ්ඩව පැවැත්ම තුළින් ආහාර සහ ඉන්ධන වැනි මූලික අවශ්‍යතා මිනිසුන්ට අහිමි කිරීමයි.

Hits: 270