ශ්‍රීලංකන් ගුවන් සේවය American Airlines සමඟ සංකේත හුවමාරු ගිවිසුමකට

ශ්‍රීලංකන් ගුවන් සේවය, උතුරු ඇමරිකාව සහ යුරෝපය පුරා පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ සම්බන්ධතා සහ ගමන් විකල්පයන් ලබා දෙමින් 2021 දෙසැම්බර් මාසයේ සිට American Airlines සමඟ සංකේත හුවමාරු ගිවිසුමකට එළඹ ඇතැයි නිවේදනය කරයි.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි සංකේතය සමගින් ඇමරිකන් එයාර්ලයින්ස් හි එක්සත් ජනපද නගර වන මියාමි සහ නිව් යෝර්ක් වෙතත් යුරෝපීය ස්ථාන වන ලන්ඩන් සහ පැරිසිය වෙතත් පියාසර කිරීමට ඉඩ සලසයි. පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් හි ගුවන් සේවා මධ්‍යස්ථාන හරහා Dallas-Fort Worth; සහ ලන්ඩනයේ එයාර්ලයින් මධ්‍යස්ථානය හරහා ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ වෙතත් පහසුකම් සපයයි.

මෙම එක්සත් ජනපද නගර අතුරින් Dallas-Fort Worth ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් මාර්ග ජාලයට නව එකතු කිරීමකි. දැනට පවතින සංකේත හුවමාරු ගිවිසුම් මගින් කටාර් එයාර්වේස් සහ එතිහාඩ් එයාර්වේස් පිළිවෙළින් දෝහා සහ අබුඩාබි හරහා සෙසු නගර වෙත මගී ගුවන් ගමන් විකල්පයන් ලබා දී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාර්ග ජාලයට Dallas-Fort Worth එකතු වීමත් සමඟ ගුවන් සේවය රටවල් 55 ක නගර 121 ක් ආවරණය කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගනුදෙනුකරුවන්ට දැන් ශ්‍රීලංකන් හි විකුණුම් මාර්ග හරහා යුරෝපය හරහා මෙම එක්සත් ජනපද නගර වෙත පහසුවෙන් ගුවන් ගමන් වෙන්කරවා ගැනීමට හැකි වේ. ශ්‍රීලංකන් මෑතකදී පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් වෙත ගුවන් ගමන් නැවත ආරම්භ කළ අතර එය ගුවන් සේවයෙ හි යුරෝපීය වෙළඳපල තුළ තම ස්ථාවරය අලුත් කර ගැනීමේ වාණිජ උපාය මාර්ගයට අනුකූල වේ. නව මාර්ගගත ගමනාන්ත එකතු කිරීම මෙන්ම අනෙකුත් ගුවන් සමාගම් සමඟ මෑත කාලීන සහ සැලසුම් කළ සංකේත හුවමාරු හවුල්කාරිත්වයන් හරහා සිය ජාලය පුළුල් කිරීමට ගුවන් සමාගම කැපවී සිටීයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන වාණිජ නිලධාරී Richard Nuttall මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් ගුවන් සේවය යුරෝපයේ සිය මෙහෙයුම් අඛණ්ඩව ව්‍යාප්ත කරමින් සිටිනවා. ඇමරිකන් එයාර්ලයින්ස් සමඟ අපගේ සංකේත හුවමාරු හවුල්කාරිත්වය නැවත ස්ථාපිත කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙමගින් අපගේ ගුවන් ගමන් ජාලයට නව අංශ සහ පියාසැරි විකල්පයන් හඳුන්වා දෙනවා. එමගින් අපගේ ගනුදෙනුකරුවන්ට ලන්ඩන්, පැරිස් හෝ ෆ්‍රැන්ක්ෆර්ට් හරහා උතුරු ඇමරිකාවේ නගර කිහිපයකට පහසු සම්බන්ධතා විකල්පයන් ලබා දෙනවා.

American Airlines හි Anmol Bhargava (VP Global Alliances & Partnerships) මහතා සඳහන් කළේ “ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ගමන් කරන පාරිභෝගිකයින්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා Oneworld හවුල්කරු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ අපගේ සංකේත හුවමාරු සහයෝගීතාව නැවත ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි. .”

ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා “Diamond” ප්‍රමිතිය හිමිව තිබේ. මීට පෙර 2021 ජනවාරියේ දී පශ්චාත් කෝවිඩ් සමය තුළ සිදුකළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ගුවන් සේවය දරන උත්සාහය පිළිබඳ සිදුකළ පූර්ණ ස්වාධීන පරීක්ෂාවකින් පසුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා ප්ලැටිනම් ප්‍රමිතිය ද හිමිවිය.

ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් ටිකට් පත් කාර්යාලවලින් හෝ ඔවුන් කැමති සංචාරක නියෝජිතයා හරහා තම ටිකට්පත් වෙන්කරවා ගත හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න නැතිනම් www.srilankan.com වෙත පිවිසෙන්න.

Visits: 182